හිතන තරම් | Hithana Tharam by Gayya ft. Manasick & Charitha

Sinhala song lyrics with music notes illustration

හිතන තරම්
මගෙ හිත හඩන තරම්
ඔබ මට කීයූ වදන්
මට අහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිව්රුවේ මියෙදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

Manasick
උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන්

අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන

උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්

එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්

වැහි අකුණු කොටන්
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්

කඳුළු සැලෙයි පිටාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැති ද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

written by Gayan Perera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

3 thoughts on “හිතන තරම් | Hithana Tharam by Gayya ft. Manasick & Charitha”

Leave a Reply