නුඹෙ රැස් | Numbe Ras by Zany Inzane ft. Dilo [2022]

Sinhala song lyrics with music notes illustration

නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු

කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු

ආදරේ වගේ නම් සිංහල
උඹට කියවන්න තේරෙන්නේ නෑනේ
බැදි අකුරු

මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු

අපරාදේ කාලේ
මේ වෙන්නේ නැති දේවල් වෙනුවෙන්
මං කැප කලේ
කොහෙවත් ප්‍රශ්න ගොඩකට මාව යට කලේ
ඊට කලින් කරන්න තිබ්බ දෙයක් මම අද කලේ
ඊට වඩා සැපයි කෙටුවනම් කුඹුරක්
මේ සතා එදා බලෙන් හොයන් ගියේ උගුලක්

අද දෙන්නාම සතුටින්
එදා ඒ කාලේ කිව්වා නම්
අයියේ මේ මගේ පපුවේ සිදුරක්

එපා වෙනකන් සිංහලෙන් කිව්වා
මේ මගේ විදිහ
ඒක වෙනස් කරන්න දැගලුවා
ගොඩක් අය ඔයාට කලින් හිටිය
ඔයාට ඕනේ විදිහට ඉදී මල මිනිය
මේ සිංදුව ඔයාට දෙන අවසාන ලිපිය

එක මලක් නිසා මිස් වුනා මල් වත්තක්
මං කරුමෙට ඒ මලට කැමති වුනා
මං ආස කරපු ගොඩක් දේවල් කෙටි කාලෙන්
මට වහ කදුරු වුනා

නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු

කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු

ආදරේ වගේ නම් සිංහල
උඹට කියවන්න තේරෙන්නේ නෑනේ
බැදි අකුරු

මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු

මං විශ්වාස කරන්නෑ අයෙත් ලව්
දැන් ගොඩක් දෙනෙක් පව්
ඇබ්බැහි වෙලා පස්සෙන් යන්නේ
ඇදපං ගවුම්

දැන් ගැලපෙන්නැත්නම්
ගැලපෙන්නෑ කාටත් වෙලා පවුල්
එපා මේ මට තව්
ෆක් ලව්

දෙනකොට රෙස්පා
ඇඩුවේ නාඩෝ මම පස්කා
දෙන්න ඕනෙ මචං එයාට ඔස්කා

රැගිලි විතරයි ඇගේ
කෙලවුනේ හින්දා ඇගේ මතේ
දීපු දේවල් අරන් බහින්න
ඕනේ නෑ මට මුතු රතේ

ගිනිමත් රහ
වුනත් එක්ක මනෝකාය යද්දී පහ
මායම් කාරි අද නෑ
මුසාව පාවී යා
බොරු වාද දෙන්නේ
මාව තම්බන්න නම් කෙල්ලේ බෑ

රිංගන්න හැදුවේ මගේ කනෙන්
මට වැටහුනේ මට දාන්න යන රගේ

ලිව්වා මම නිසදැස්
ගැන ඇගේ ඇස්
බලන්නෑ මම ගෑස්

නුඹෙ රැස්
බලන්න මමත් අදින් පස්සෙ නෑ
ආදරේට වඩා රසයි වහ කදුරු

කෙල්ලේ මං
නුබව බලෙන් අල්ලන් ඉන්නේ නෑ
ඇරන් යන්න දොරේ අගුළු

ආදරේ වගේ නම් සිංහල
උඹට කියවන්න තේරෙන්නේ නෑනේ
බැදි අකුරු

මට දැන් තේරෙන්නේ අපි ගැලපෙන්නෙ නෑ
ඔයා තේරුම් ගත්ත එක මට සතුටු

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply