නොදැනෙනා සේ | Nodanena Se by Dinelka Muthuarachchi ft. Momo

නොදැවෙනා සේ දැවෙනා
නොදැනෙනා සේ හිඳිනා
මිමිණු තාලේ පැටළුණා දෝ නොහැඟුණා
නොමැති ආලේ නොකියා නොරිදාම මැකුණා

හඬනා සිත මා
නේනා පෙම සොයනා
නොනිදා, රැය මා
හිතනා දුර නිම නොවෙනා
නුඹ හා, නැති දා
මට මා නැති බව දැනුණා
නොදැනෙනා සේ හිඳිනා ඈ සොයනා

අරුමෙකි සකි සඳ වත නලියන
මිහිමත ඇති මනකෝල නොවන ලිය
පමණට නොව දිස්නෙට ගමනට
මනකල මනදන මන මගෙ නන්දන
රූ ඇති හිත් පිත් වල කවට කම්
මෝහය මන මුලාව හැමට නම්
හොරැහින් බැලුමක උබ සැරද වරම් කියම් ඉතින් බලන් මිරිඟුවක ඈ තියම්
කප්පරකට කළු සුදු බේදෙ-වාදෙ
අත්හල විට දැනෙනව සැපලු කාගෙ
කළ කම මතින් හිතන් රැවටි සාපෙ
මාත්‍රපද කියන් නටපං උඹ වාහෙ මාගේ
කොමල බදක සිත ඇලුනි සසරක
ගිමන කිමද පමා අයැද නිවට කම
පද සුරල් ගිමන් නිවා යන්නට නොතෙරෙන
රහක් නොමැත ලද තේරුමක් නැති තැන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *