යතාර්ථය | Yatharthaya by Kelwiz ft. Zany Inzane [2022]

Sinhala song lyrics with music notes illustration

දින ගැන ගැන මම දැක්ක හීන
තනියම ආවේ මං තියාන හීන
මගේ හිත ඇතුලේ මං තමා ප්‍රවීණ
වදක වලට මං උනේ නෑ උදාසීන
සිහියෙන් දෙන්නේ මං කියන්න ඕන වචනය
මගේ ජීවිත කතාවෙන් දෙන්නම් මං රචනය
හැමෝගෙම හිත්වල පිරිලනේ ප්‍රශ්නයක්
අනිවාරෙන් පසුපස එනවනේ කර්මයක්
පවට බය නෑනේ ගොඩක් උන්
භාගෙට භාගයක් හැසිරෙන්නේ තිරිසනුන්
විස පුරගෙන ඔලුවල බිහිසුණු
ජීවත් වෙන්නේ අපි සමාජෙක බන් කෙලසුනු
කෙල්ලන්ට අඳින්න බෑ ඇඳුමක්
ඇස්වල කාමය පිරිලා
ආගමත් පිරිහිලා ලංකාවද මේ
බැලුවම අපි ගැන අපි ආවේ කොතනින්ද
අපේ හිත්වලටම කල කිරිලා

බලපන් හැරිලා තේරුමක් නෑ ආපූ ගමනේ
දැන්නම් උඹට බේරුමක් නෑ
රට හදන්න කාලයකුත් නෑ මිනිසුන්ගේ හිත්වල
ආලයකුත් නෑ, නිමක් නෑ
අපේ ජීවිත ගෙවන සතුට විඳින්න දවස
හොයන්න වෙහෙස
කරන් දවසම ගෙවන් ඉන්නේ පුදුමාකාර ලොවක
සල්ලි , සල්ලි , සල්ලි නැති නිසා ගොඩ මිනිස්සු
ඒක මත්තෙම
සල්ලි බලේ නිසා ගොඩක් උන්
මග හරින්න පැන්නා
හීනත් පැත්තට කරලා දෙන්නම් ගැන ගැන
වෙහෙසෙනවානේ සල්ලි නෝට්ටු කොල
ගැන ගැන

දේශපාලනය රට කනවා
අපි ඒ දිහා බලන් දත් මිටි කනවා
ගොන් හරක් රැලක් සුදු ඇඳගෙන සල්ලි වල
බලේ තියන් මිනිසුන්ගේ ජීවිත කනවා
මේක තමයි බන් තිත්ත උනත් ඇත්ත
පිලිගනිම් මුලට ගන්න එපා පැත්ත
පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාව වුනත්
අපිට පෙන්නුවේ බොරු මාලිමාව
ටික ටික යනවනේ රට ආගාදේට ඇත්ත කතා
කරන මිනිසුන් බිලිවෙයි ගංගාවට
වටවෙලා බලන් ඉන්නේ වැනසෙන විදිහ
හිතන්නෙපා ජීවිතේට අනාගතයක් ගැන

වැනසෙයි මිනිසුන් මනසින් අරගල ඇත පිලිගනිම්
මේක තමයි යථාර්ථය
ගලපලා දෙන්නේ වදනින් කතාවම බොරු සෝබන
පිරිලා පොශ් රටාවක
ඇන්දට first class මනසින් third class
අපි කවුරුත් නෑ බං ජීවිතෙන් පාස්
නැවතිලා බලපන් පිටි පස්ස හැරිලා
ගොඩක් දේවල් උඹට ජීවිතේ මග ඇරිලා

අපි මනසට වද දීලා අහන්නේ කොහෙද වැරදුනේ
නොකැපු වලට බෙදිලා ජීවිතේ ගැටගහගෙන
දුවන්නේ අපි කව්ද
අපි සේරම මිනිස්සු එකිනෙකාගෙම හද පිරික්සු
දැනුමට කොහෙද වෙන්නේ උගත්තු සල්ලි නැති
කම ලොකු දුකක්ලු

ජීවමාන මේ මනුස්සකම මරවන්නෙ මිනිස්සුමයි
ඒ ඇඟ තාම උණුසුමයි
තියෙන්නෙ එක ගිනිකූරයි ඒ තමයි සල්ලි
මරන්නේ දෙනෝදාහක් ඉදිරියේ බේරගන්න
කවුරුවත් නෑ එන්නේ
ඇයි මේ මිනිස්සු හිනාවෙන්නේ
අපි එකෙක් නෑර වගකියන්න ඕන මේ මරණෙට
ඇහෙන් දැක්ක සාක්කි තියන් මේ හැමෝම කිව්වේ
තනි බොරු කතා කරන්න ඕන තැන ගොලු
පෙරිලා ඉතුරු වෙන්නෙම රොඩු
ඉතින් මේ තමයි කතාවේ මුල
කිසිදේක දකින්නේ නෑ අපි දුර
දෙවියන්ටත් ඉහලින් අකුරු තුන
ජාතියක් අපි නැති කලගුණ
තව මිනිහෙක් ගේ කුස පුරවන්න
පුලුවන්නම් උඹ දෙවියෙක්
මේ වෙනස්වෙන ලෝකේ මනුස්සකම
හොයාවී අපි වැඩියෙන්
සඳහටම සමාජේ නැතිවෙලා යන්න
කලින් රැක ගනිම් මේ
මනුස්සකම නැතිනම් පිරිහේවි සමාජේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply