පෙම්වතියයි ඔබ | Pemwathiyai Oba by Victor Rathnayake

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

සන්සුන් කර ලත්
ආයාසයකින්
සුපුරුදු බොලද තෙපුල්
දොඩමලු වී ඇත
නෙත් මා අභියස
නොදැනෙයි නුඹට හොරා

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

තැන්පත් කරගත්
ඉරියව් ඉගි බිගි
ඉදහිට අමතක වී
කෙලිලොල් යුවතිය
එබිකම් කරමින්
මා ලග අදත් ඉදි

පෙම්වතියයි ඔබ
මන් සන්තක වූ
රැවටිලි කරන්නෙපා
ඇසුරු කරන්නට බැහැ මට කිසි දා
ඔබ මිතිරියක ලෙසින්
පෙම්වතියයි ඔබ
මන්සන්තක වූ

Leave a Reply