සඟවා ගනු මැන | Sangawa Ganu Mana by Victor Rathnayaka

Sinhala song lyrics with music notes illustration

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

මහ වන පියසෙක – අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී – සැළී සැළී යයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply