Ran Malak Lesa Dev Babun Dothin Pidu / රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ – Sunil Edirisinghe

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ…
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ…
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ…
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ…

ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්…
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්…
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්…
තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්…

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ…
පස් පිඞක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ…
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ…
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ…

මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ…
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ…
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ…
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ…

Leave a Reply