Nim Therak Nodutu / නිම් තෙරක් නොදුටු – Sunil Edirisinghe

Sinhala song lyrics with music notes illustration

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
ඔබේ.. සිනා වත මගේ.. නවාතැන
අරුණු විහිදුවාවී… ජීවිතයේ…

රැල් නගා ගලන ගංගා දියේ…
මං වසා දමනු හැකිදෝ කෙසේ…
රැල් නගා ගලන ගංගා දියේ…
මං වසා දමනු හැකිදෝ කෙසේ…
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ…

සිල් බිඳී මුවන් කැලඹූ වනේ…
බිම නොලා නෙලූ ඵල මාවතේ…
සිල් බිඳී මුවන් කැලඹූ වනේ…
බිම නොලා නෙලූ ඵල මාවතේ…
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී… මාරුතයේ…

නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ…
රුදු සපුන් නිබඳ සරනා බිමේ…
ඔබේ.. සිනා වත මගේ.. නවාතැන
අරුණු විහිදුවාවී… ජීවිතයේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply