මකුළු දැල් | Makulu Dal by Maduwa [2024]

Sinhala song lyrics with music notes illustration

මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා
ආදරේ මේකයි කියලා පෙන්නුවේ කෙල්ලේ
ඔයා තමා… ////

දෙන්නා ගැලපෙනවද
නුඹට මාව මාව දැනුනද
ඒක දන්නේ කෙල්ලේ
ඔයා තමා… ඔයා තමා… ඔයා තමා…//

Meriii Khanimeee Banja Thuu Meri Raaniii
(මගේ කතාවේ වෙනවද ඔයා මගේ රැජිනි)

දෙන්නේ ආදරේ කිලෝ ගණන් මම පුරවා තරාදි
මාව කරා නසරානි
දාපු හිනාව ගහගෙන ගියා වගේ නේ සුනාමි
කැරකුනාට ඔරලෝසු කටු
වෙලාව තියෙන්නේ ඔයා ගාවදි මගේ නම් නැවතී

කොච්චර කෙල්ලෝ හිටියත් මට නම් වැඩක් නෑ
මම ඔයාට විතරයි කෙල්ලේ කැමතී
වෙන් කරගත්තා අපිටම කියලා දෙන්නා
Anniversary කියලා කැලැන්ඩරේ

හමු වෙන්න දින ගණන් කරේ
ඔයා තමා බොරු රස කලේ

පොඩි දුකක්වත් දරාගන්න බැරි
ඔයාගේ රවුම් මූනට හිනාව දීලා එලිකරේ
ආදරේ ඉල්ලලා නෑ වද කරේ
මාව හොඳ මිනිහෙක් කරන්න Try කරේ

ඔයා චීස් මගේ කොත්තුවේ
කෝල් නෑ මං ඉස්සුවේ
Busy කියලා ලොකුසීන් මුලදී මං පෙන්නුවේ
හිතලමයි රිද්දුවේ
ඔව් හිතලමයි මම රිද්දුවේ

මට ආදරේ නම් එපා අනේ Please කියලා ඉද්දි මට ඔයාව දෙවියෝ පෙන්නුවේ
මට මුණ ගස්සපු හේතුව හොයනවා තාම මං මාව මාර තැනක්නේ නැවැත්තුවේ

මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා…

දෙන්නා ගැලපෙනවද…

Yen Di Uthukkathaaa Kedikireyy
(ඇයි කෙල්ලේ මගේ නින්ද නැති කරන්නේ)
Rathrii Kanaweli Wandhii Tholla Kudukarey
(රෑට හීනෙන් ඇවිත් වද දෙන්නේ)
Pakadhii Madriii Yeeeh Nadikirey
(දැක්කේ නෑ වගේ ඇයි ඔයා රඟපාන්නේ)
Pathiiiitiii (දැකලත්)
Kanna Kudaaa Naah Taniyaa Pesirann
(ඔයාගේ ඇස් එක්ක මම තනියම කතා කෙරුවා නේ)

මාව ඉවසන්න පුරුදු උනා මගේ ඉස්සරහා විතරක් ඔයා බොළඳ උනා
කෙල්ලෝ ඕන තරම් ආවා මගේ ජීවිතේ ඔයා විතරයි මාව තේරුම් ගත්තුම කෙනා

මේ අහස බලාගෙන මලක් ගහන්
හිටපු මට මොකෝ මේ එක පාරම මේ උනේ
ආදරේ කියලා දෙයක් දැනෙන්න ගත්තා නේ මට
දන්න තරමින් කවුරුත් නෑ මේකෙන් නම් බේරුනේ

අපි දෙන්නා සෙල්ලම් කරේ ඇස් වහන්
ආදරේ නමින් වැටුනා මට මාංචු අත් දෙකේ
වැඩි මට කෙල්ලේ මේ සීන් එකේ අත්දැකීම්
පරිස්සමෙන් හිටියේ ඒකනේ මං පැත්තකින්

මේ ආදරේ කතාව හොරෙන් කරගෙන යං
නෑ කවුරුත් මේක දැනගන්න ඕනේ
මේ ඉරිසියාවෙන් පැලෙන ලෝකේ
ඔයාට මේක නැති කරගන්නද ඕනේ

මං රස බලන්න ගිහිල්ලා තොලේ
වෙන ලෝකෙක Land වෙලා අතරමං උනේ මං ළඟ ඉද්දි ඕනවට වැඩියි මේකිගේ දාංගලේ
මගේ බෝලේ මේකි හුරතලේ

මකුළු දැල් වැදිලා තිබුණ මේ හිත පිහදලා…

දෙන්නා ගැලපෙනවද…

written by Maduwa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply