Rangamadala Thama Tharunai by Malith P & Abhisheka W

කප්පරක් පෙම් කළත් දැණෙන්නේ නෑ නේද?
හිරිවැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද?
මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද?
රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද?

පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද?
තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද?
ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද?
වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද?

මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද?
ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද?
නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද?
මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද?

මගෙ ගතම ඔබෙ නමට ලීවත් තව මදි නේද?
රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද?
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද?

රගමඩල තාම තරුණයි යන්නට අවසරද????

written by Abhisheka Wimalaweera

Leave a Reply