කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ
සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය අඩ නින්දේ තිබුනාවේ
මතකේ නැලවෙන්නම්
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
තුරු වියනට පිනිකැට වැටෙනා විට
ඒ හඬ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිදෙන ආදර උල්පත
ගලා හැලෙන හැටි හදින් හදේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
written by Nilar N Kasim
Leave a Reply