තාලෙකට ගාථා | Thalekata Gaatha by Charitha Attalage ft. Umaria

Sinhala song lyrics with music notes illustration

සයුරු රැල් වියුරු වී
ගොඩ ගලද්දී
මුහුදුලිහිනියන් හඩනවා
අනතුරක් දැනී

නුබ තැනූ නව්කාවේ පාව යන්නෙමී
සයුරට බිලිවී රට දැය මුදා ගනී
සයුර සනසා පසු රට දැය සනසමී

සයුර කැලබී
රල වැල් නැගී
මුහුදු ලිහිනී ඉගිලේවී
පිරිනිවන් වී
අරහත් හිමී
දෙව් කෝප වී දෙරණ ගිලගනී…//

සයුර මැද
තනිව මම අතරමං වී
මුහුදු තාරුකා අදුරුවී
කලුවරත් දැඩී

නුබ පිදූ දරු ප්‍රානේ
රකින නැව් නැගී
අදුරට ගිලී රට සනසයි
සයුර සනසා පසු රට දැය සැනසේවී

රල වැල් නැගී
සයුර කැලබී
මුහුදු ලිහිනී ඉගිලේවී
පිරිනිවන් වී
අරහත් හිමී
දෙව් කෝප වී දෙරණ ගිලගනී…//

දේශයේ නාමයෙන් නැව් නැගී
සයුර සනසන්න මම යන්නෙමී
මුලු රටම අද සැනසේවී

මම කැලණිතිස්ස රජ දේවි
නමින් විහාරමහාදේවී
සොදුරු ලක් දෙරණ රැක ගමී…//

සයුර කැලබී
රල වැල් නැගී
මුහුදු ලිහිනී ඉගිලේවී
පිරිනිවන් වී
අරහත් හිමී
දෙව් කෝප වී දෙරණ ගිලගනී…//

මගේ ගැමුනු කුමරු රජ වේවී
එලාර හා යුද වදීවී
මුලු රටම එකමුතු කරවී
නපුරු රජ අනට ගිනිදැල්වී
අරහත් මහාරත් වෙසින්
වෙරල කඩා හඩා දා රැව් දේවි

written by Chandrasena Thalangama

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply