ක්ෂිතිජය මායිමේ
පාමින් සිත් රටා
ඈතින් සිහිනයේ ගිලෙනා
දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ තවරා
මතකේ ඈත ඉවුරේ
යාවී පෙනෙන්නේ
මේ හීනේ විරාමයයි
දිනයක හමුවෙනා
දිනයක වෙන්වෙනා
හීනෙක ජීවිතේ පවරා
අහසට ලංවෙලා
සයුරට ලංවෙලා
මා හදේ ඇදි රූ රටා
ක්ෂිතිජය මායිමේ
දිනයක හමුවෙනා
හීනෙක ජීවිතේ තවරා
ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තාදෝ දැනුනී
ඒ විරාමයේ හමුවී නැවතී
හිත සොරා ගත්තාදෝ දැනුනී
written by Thilina Boralessa