මාරුතේ | Maruthe by Ridma Weerawardena ft. Raj [2022]

Sinhala song lyrics with music notes illustration

මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේ
ජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ

නීල දෑස බලලා
හීනේ දෑත පටලා
මාගේ වෙන්න පතලා
ආදරෙන් වෙලා

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

ලෙංගතු වී ලා මා හා
නෙතගින් බස් කොදුරාවී
මල් මදහාසෙන් සරසා ලූ
ඈ පෙම් අගනාවී

සදවත ආදරෙයි කියා කියන් මට
නීල ආකාසේ
පේන මානයේ රැදී පෙම් හීන ගංගාවේ
මේ භවේ පුරා පතාම ආ ආලේ

රහසින් මා පෙම් කරනා
නෙත් හොරැහින් ඉගි මරනා
මොහොතින් මහොතක් ගෙවෙනා
කාලෙට හිමිකම් කියනා

රෑ තුන් යාමේ මැවෙනා
රුව තරුවක් වී දිලෙනා
තවමත් නුහුරුයි කියලා
හැගුමෙන් මා වෙලුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply