වෙනදා වගෙ | Wenada Wage by Ravindra Meegamarachchi [2013]

A gentle promise that love never fades.

Song Lyrics

වෙනදා වගෙ අදත්
මා නොඑන බව දැන තවත්
මග බලාගෙන හිටියා ඇති දැන්
එන්න වෙන්නෑ මට අදත්
පාට දේදුනු බැද විමන්
හීන මල්පෙති අතුරමින්
තැනුව යහනේ නිදාගන්න
ලගින් ඉන්නම් රත්තරන්

උනුහුම ඒ මා තමා
සුළගක් වී එන හමා
ඔබේ තුරුලේම දැවටිලා
සුපුරුදු සුවදක් වෙලා
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්…

දකින්න ආසයි වෙනදා මෙන්
හිනාවෙන්න මදකට හොරෙන්
හිතාමතා ගියේ නෑ ඉතින්
තවමත් ඔබ ලග මං සිටිමි
සංසාරේ යලි කවදා හෝ
හමුවේවි නම් අපි ආයේ
සපුරා තහනම් නොවේ
ආයෙමත් මට ආදරේ

වෙනදා වගෙ අදත්…

Song Information


Song Summary

“වෙනදා වගෙ” is a soft, emotional love song about absence, longing, and the comforting belief that true love remains close even when physically apart.


Song Meaning

The song expresses the feelings of someone who cannot be with their loved one but remains emotionally present. Through imagery of warmth, scent, and dreams, it conveys that love transcends distance and time, promising reunion even beyond this lifetime.


Frequently Asked Questions (FAQ)

What is the main emotion of the song?
Longing mixed with hope and enduring love.

Is the song about separation?
Yes, but it focuses more on emotional closeness despite separation.

Who wrote and performed the song?
Written and performed by Ravindra Meegamarachchi.

What makes this song special?
Its poetic lyrics and comforting message about eternal love.

What genre does this song belong to?
Sinhala romantic pop.

Leave a Reply