පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
හීන අරණ්ණේ නොංචි රඟන්නී
ප්‍රේම මන්දිරේ වර්ණ මවන්නී
සුපෙම් නුරා නෙත් කොනින් අදින්නී
බඹරුන් කැන්දනා මල්සර කුසුමී
වඩිනා උදයේ ඉර දෙව් සේමා නලලේ රැස් විහිදෙයි
අසුනේ ඉඳගෙන කෙහෙරැලි පීරා මුහුණේ හැඩ බලතෙයි
විලවුන් ඉහලා නාදළු විකලා උජාරු වෙන් බලතෙයි
දුම්රිය නළඟන කොහොමද කීවොත් අපොයි කියවෙයි
පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
කෝල බැලුම් ලා ඔමරි කරන්නී
මන්ද හාස දී සුරතල් වෙන්නී
අනඟ සරින් විද සිදුරු කරන්නී
ආලෙ නොදී හද දැදුරු කරන්නී
අකුලා උරහිස දුම්රිය වාගේ නලලේ රැලි දමතෙයි
වනලා නිතඹේ ගස්සා පද්දා ගෝමර පෙති නටතෙයි
බලලා කොනකින් ඉඟිත් මරන කොට ගමකට සැර දමතෙයි
දුම්රිය නළඟන කොහොමද කීවොත් අපොයි කියවෙයි
පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
Song Summary
A vividly poetic song that celebrates feminine beauty, grace, and sensual charm through rich imagery and traditional metaphors.
Song Meaning
The song is an artistic and highly descriptive admiration of a woman’s physical beauty, elegance, and captivating presence. Using classical Sinhala poetry and metaphor, the lyrics paint her as a vision of grace—her movements, expressions, attire, and subtle gestures are compared to flowers, bees, morning sunlight, and flowing rhythms. Everyday actions like walking, dressing, or glancing are elevated into moments of enchantment. The repeated imagery of a “train maiden” suggests motion, rhythm, and irresistible attraction, as her presence stirs emotions wherever she goes. While deeply sensual, the song is also aesthetic rather than explicit, focusing on visual beauty, allure, and the power of attraction that can both charm and unsettle the heart.