මගේ හිතේ | Mage Hithe by Shehan Kaushalya [2013]

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා
මගෙ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැලි රූරාලා
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා
වෙන් වුනත් මේ වාසනාවෙන් මා දුකක් දීලා
ඉන්න බෑනේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

ඉදහිට ආයේ හමුවෙලා දොඩමලු වී මා හා
ඉමු පෙර වාගේ සැනසීලා මදකට ලංවීලා
කවුරුත් නෑ මේ තරම්නං ආදරේ දීලා
යන්නෙ නෑ මං හීනෙකින්වත් තාරුකා සොයලා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

ඔබ සොයාලා කකියනා නෙතේ ඉවසුමක් නැතුවා
හද හඩාලා වැලපෙනා දිනේ ඔබ යලිත් දැනුනා
ආයෙ නොඑන්න මා ගියත් පාලුවේ දමා
මගෙ සිනා පාවුනා ඈත ගියදා එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරේ පිරිලා
ඔබේ නෙතේ තියා හැඬූ වේදනා දැකලා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *