එළියට එළියට මම දැක්කා හීන.
බොහෝ දේ ඇත්ත වෙලා පේළියට.
අත්දැකීම්ම තමයි මට ගුරු වෙච්චේ.
ඒ නිසාම මම හරි පාර හඳුනාගත්තේ.
එකෙන් පටන් අරන්,
මම සමත් වුනා හැම ශ්‍රේණියම.
ලේසියට කවදාවත් ගහලා දැම්මේ නෑ.
දහඩියත්, කඳුලුත්, ලේත් එක්කම ගියා.
ඒ උනත්,
හිතෙන් හති වැටුනේ නෑ.
හීනෙන්වත් මං පස්සට ගියේ නෑ.
ඒ නිසා පේළියෙන් පේළියට
මම වදන් ලියනවා.
සමහර අත්දැකීම් ඇත්තටම රිදුනා.
හිත තැලුනා, පොඩි උනා.
නමුත් ඒකම තමයි පාඩම වුනේ.
වැරදුනේ නැත්තං ඉගෙනගන්න බෑ.
ඒ කාලේ හැමදේම පටල ගත්තා.
නින්දා, අපහාස, විවේචන—
ඔක්කොම අපමණ විඳලා.
එදා බැන්න උන්ම අද
පතුලේ ඉඳන් බලනවා.
ඒත් මං සමාව දුන්නා.
තවමත් මතක තියෙනවා.
මගේ රටාව වෙනස් කරගත්තේ නෑ.
මං ඉන්නෙ මගේ විදියටම.
හැමෝටම දාන්න බෑ
මං දාන වචන.
හැමෝටම නෑ
මේ වගේ චරිත කතාවක්.
මේ මගේ අධි මාත්‍රාව.
මේ මගේ ප්‍රාර්ථනාව.
ඒ නිසා මං දන්නවා,
තව දුර ගමන් යන්න තියෙනවා.
කන්ද මුදුනටම නගින්නයි මට ඕන.
ආයෙ බහින්න අදහසක් නෑ.
තවමත් මං හොයනවා
මගේ සම්පූර්ණ ධාරිතාව.
උපතින්ම ආවේ වදන් ලියන්න.
ඒක මගේ විද්‍යාව.
මං දන්නවා පෙන්වන පාර.
ඒ පාර මාව හරියටම යවනවා.
සීමා වලට මං බඳින්නෑ.
එක රටකට, එක හීනයකට නෑ.
මං වදන් ලියන ක්‍රීඩාව
නිරුවත් කරලා පෙන්නුවා.
මාව හොයාගන්න බැරි නම්,
ඇවිත් අඳුනගන්න.
කෝටි ගානක් අතරින්
මං තෝරගත් එකෙක්.
ඇස් වහගෙනත් මං යන්න දන්නවා.
අඳුරෙත් වැටෙන්නෑ.
මට හතුරෙක් හදන්න හිතන්න එපා.
හිතුවොත්, මං වතුරෙත් ඇවිදිනවා.
අලුතෙන් ආව උන්ට
එක දෙයක් මතක තියාගන්න.
දහස් ගානක් යද්දි,
එක දෙන්නයි ඉතිරි වෙන්නේ.
මං පතුලෙන් ආව එකෙක්.
ඒ නිසාම උඩට යනවා.
කර්මෙට හරි විදියට
මට පල ලැබෙනවා.
අඳුරත්, ආලෝකයත් අතර
රික්තයක් තියෙනවා.
හීන කියන දේවල්
ඇත්ත වෙන්නම ඕන.
අතීතය අඳුරුයි,
නමුත් මං එහි වහලෙක් නෙමෙයි.
මං ඒක වර්ණ ගන්වා
මගේම චිත්‍රයක් කරගත්තා.
කර්මෙට පමණයි විනිශ්චය.
ඒක තමයි අවසාන සත්‍යය.
Written by Kevin Smokio