ගිනි කෙලී | Gini Keli by Oshen De Mel ft. Ravi Jay & DADDY [2021]

Sinhala song lyrics with music notes illustration

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා
යනහේ මා තනිකල මා රාගේ

ඇගිලි තුඩු අතරේ
තොල්පෙති හිරි වැටුනේ
කුලුනු සිරසින් පවා
අපේරෝසර්න් වැගිරේ

අද ගිනි කෙලි අතරේ
පෙරහැර නුබ ගේ
කස කරුවා මමයි
පෙරහැර තව තිබුනේ

කෙල්ලෙ මට ඔයා කිව්වෙ ඔයා සිංගල්
හැබැයි හැමවෙලේම ඔයාගෙ බිසි නම්බර්
මං බැට් කලේ ඔයාගෙ බෝලෙට
හොදහැටි දැනගෙන මේ පිතිකරැවට නෑ අං

යං අතින් අත යං කෙල්ලෙ වටේ යං
මං ඉන්නං නොදැක්කා වගේ මට එනකං
ඔයාගෙ බොරැ ඒවා මරෑ
අහගෙන ඉන්නං මං රෑ එලිවෙනකං වෙලා ඔයාගෙ අත දරැවා
ඇදි වතෙ නෑනෙ විලී වටේම සැලකිලි
වෙලා නුඹව සමාජෙ ඇසට සැනකෙලී
එන කෙනෙක් ඒවිද නුඹ වෙතට
ඉන්න හැමදාම අහගෙන ඉන්න හිතෙ දුක
මේක රගපෑමක් අපි අපේම හිත් රවටං
හෙව්වෙ ආලය නෙමේ ඔයා රාගය
මං බැට් කලා ඇති වගේ දැවී ගියා
එන්න පිතිකරැ ඊලග

ආදරය මගේ
රාගයයි නුඹගේ
නිස්සාර කදු මුදුන්
නුඹ තෙත් බිමක් කලේ
අසනි වැස්සෙන් නුඹගේ
මගේ ගත කිති කැවුනේ
අද නුබ කොහෙදෝ මං
යලි නියගයයි මගේ

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා
යනහේ මා තනිකල මා රාගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply