කොල්ලනේ යං | Kollane Yan by Block & Dino ft. Dhanith Sri [2021]

Sinhala song lyrics with music notes illustration

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

කොල්ලනේ
ප්ලාස්ටික් බෝතල් විසි කරන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

ප්ලාස්ටික් ස්ටෝස් බිම දාන්නෙපා

පන්දු යවන්න පොලු ගැලවෙන්න
හෙට සිට යං ජය අරගන්න
පවතින්නැති ජය පැරදුම එකයි
කීවට

ඉඩක් නෑ දැන් නම් පරදින්න
මේ යං
ඉදිරියටම යං
ඒකාලේ වගේ ආයේ නම්බර් 1
වෙනකල් ඉගිලෙන්න

තටු නැතුවට අපේ කොල්ලොන්ට
බෝලෙයි බැට් එකයි ඇති මේ ලෝකේ ජයගන්න

හරි දනිත් ඇති
ප්ලාස්ටික් ගැන කතා කරමු අපි
යන යන තැන ප්ලාස්ටික් විසි කරන
ජරා ගති
කුනු බාල්දිය පෙනි පෙනි බිම දාන සක්කිලි

අම්මා ගහයි බැට් එකෙන්
මෙහෙම ගියොත් තොපි
කොල ඉදුල් ප්ලාස්ටික් එකට මික්ස් කරන කොට
ඒවා එකතු වෙන්නේ මේ මහ පොලවට

වතුරට ඇල දොල ගං මුහුදට
මෙහෙම ගියොත් ප්ලාස්ටික්මයි කන්න වෙන්නේ තොට

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

යෝගට් කාල හැදි කප් වෙරලට දාන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

කොන්ඩම්ස් හොදයි හැබැයි ඒවා
විසිකරන්න එපා

මුලු ලෝකෙත් එක්ක කරට කර
සිංහයෝ රග දෙනවා පිටිය මැද
2022 අද ජය කනුව ලග
සිංහ කොඩිය ගහනවා අනිවාර්‍යෙන්ම
මොකද
ශ්‍රී ලංකන් කොල්ලෝ හරිම වසයි
යකඩ බෝල 2 3 4 පලයි
එක පිට එක බැට කෑවත් ඊයේ ලමයි
අඩියෙන් අඩිය තියලා හරි නැගිටිනවා මයි

ආයුබෝවන් සියලුම
ක්‍රිකට් ෆෑන්ස් ලට
අපි ආදරෙයි ජෙන්ඩ්ල්මන්ස් ක්‍රීඩාව
අතීතයේ ප්‍රොඋඩ මතක් වෙනවා නේ තාමත්
ආයේත් තියමු එක අකුරක් නෑරම

ටීම් එක ඇති
ජර්සිය ගැන කතා කරමු අපි
රීසයිකල්ඩ් ප්ලාස්ටික් වලින් මහලා පට්ට ගති
බෝතල් 30000ක් පොලිඑස්ටර් කලා පටි

එහෙම තමයි ගැහුවේ ගේම
හිතට ගොඩක් හතී
වෙනස් වෙන්න ඕන කියලා
වෙනස වෙමූ අපි

මදර් නේචර්ට මල පැන්නොත්
කන්න වෙන්නේ ටොපි
ප්ලාස්ටික් ඇති
ටීම් එකට සප් එක දෙමු අපි
මෙන්න දුන්නා බැට් එක ගහපහං
දනිත් සිරි

ශ්‍රී නොට් සිරි
අම්මටසිරි සොරි

කොල්ලනේ යං
ඒකාලේ වගේ අයෙමත් නම්බර් 1 වෙනකන්
ප්ලාස්ටික් පාවිච්චි කරන්නේපා
වර්ල්ඩ් කප් එක දිනන්න
හැබයි ප්ලාස්ටික් පාවිච්චි කරන්නෙපා

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply