සාරවිට | Saarawita by DJ JNK ft. Moniyo [2021]

Sinhala song lyrics with music notes illustration

මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,
බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,
හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,
අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ…

අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං,
ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං,
කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං,
බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං…

තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත,
මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත,
තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත,
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත…

නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න,
හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න,
මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න,
නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න…

මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්,
තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්,
පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්,
මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්…

බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප,
මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත,
හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත,
රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත…

මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම,
පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම,
කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම,
අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම…

දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල , කෙලවිල්ලට මැඳගිල්ල,
කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල,
තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල,
ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල…

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ….
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ….
පුවක් කෑල්ලක් නෑ
පුවක් කෑල්ලක් නෑ

මල්ලී… මන් ඔයාට කැමතී පැටියෝ!!

කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්…
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )…
මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්…
අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්…

බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම…
පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම…
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය…
සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට…

අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා…
ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා…
දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා…
ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා..

අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්…
ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්…
25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්…
ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්…

සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ…
බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ…
රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ…
එලිපිට පින, දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ…

අද ඉදියි උඩ, හෙට වැටෙයි අඩියට,
බොරු ආටෝප නැත, ඉන්නේ මගේ විදියට,
දුක අට්ටි ගණන් ඇත, විදවන්නේ මොකටද?
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත..

හැඩ දාලා, වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා, එහෙමයි ඉන්න ඕනා,
කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල,
කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා,
රසම තමා කොල්ලෝ

අම්මා රස තමා ඕනා, මේම රැප තමා ඕනා,
දිග දාලා කන්නයි ඕනා, බෝම සැප ඉන්නයි ඕනා..

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ….
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ….
පුවක් කෑල්ලක් නෑ
පුවක් කෑල්ලක් නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply