ඔබමයි ආලෝකේ | Obamai Aaloke by Supun Perera [2021]

Sinhala song lyrics with music notes illustration

මේ ප්‍රේම චායාවේ
මල් පිපෙන හෝරාවේ
සිප ගත්ත රෑ යාමේ සොඳුරේ

ඒ සිහින රේඛාවේ
ඉගිලෙන්න සැනසිල්ලේ
‍රෝසමල් යහනාවේ සොඳුරේ

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ..
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

මේ ප්‍රේම චායාවේ – සිත රැඳුණු මදහාසේ
ඔබේ රුවමයි මට සිහිවෙන්නේ
ඔබෙ නෙත් දුටුවාවේ හදේ මල් පිපුනාවේ
ප්‍රේමරැල් නැගුනාවේ හදේ..

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
ඔබමයි ආලෝකේ ඔබමයි මා සිහිනේ
ඔබමයි මා ජීවේ..ප්‍රේමියේ…
සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

ආදරේ සිතේ සාගරේ වගේ
මට කීව කීව පෙම් කතන්දරේ
ශෝකගිම් නිවී ප්‍රේමියේ මගේ
තාරුකා වගේ දිලෙයි අහසේ…

සංසාර සරනාවී ප්‍රේමයේ සනසාවී
ආදරෙන් මට ලංවී මාගේ කෝල මනමාලී…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply