වත විකසිත නැති යාමේ
ළඟ උන්නා නෑ දැනුනේ
එහෙත් ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ
හිත විස්තර නෑ ඇසුවේ
පෙර විඳි දුක ආයෙත් දැනුනේ
ඒත් ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ
කඳුලේ සරාවී රිදුමන් දැනේවී
ඒ නිසා පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
ඉතින් හැඟුමන් පෙලන්නී මුලු රෑ
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
තවද හැඟුමන් පෙලන්නී මුලු රෑ
බිඳී ගිය ඇස් වැනි වතාවත් තැන්වත්
හීන ලිය මඩුලු ඇත පරඬැල්වත්
එහෙත් අඳුරු හා මිතුරු වී සඳ කැන් මවන
හුදකලාවී කම්පිත හිත ගැබ්වත්
ගලවා විදානෙකට පහන් දැල්ල
ඒ අතර ගෑවි නොගෑවී හමන පවනැල්ල
කාලාවකාශයක් අතර මැද
හුදකලාවී සොයා හසරැල්ල
මඳ නල රැල්ල ගෙල වටා එතේවී
ඒ සමඟ අතීත මතක ආයෙත් ගෙනේවී
ජීවිතය නිරුවත් වී පෙනේවී
ඉතින් හුදකලාවී හදට වද දේවී
අත් අල්ලන් ගිය පියමන් අස්වන් මෝක්ශය
නමුත් අද මම දන් නෑ ඈ ඉන්න ලෝකය
වයන්නම් මම වීණා රෝම ගිනිගනිද්දී
ඒත් හුදකලාවී පමණයි අවුලන්නේ ශෝකය
මල් පරවුනා, ලොව තනිවුනා
ඒ නිසා අපි වෙන් වුනා, හිත හිස් වුනා
සැකසූ කතා සිත වටලනා
ඒ නිසාම මම දුර ගියා
කඳුලේ සරාවී රිදුමන් දැනේවී
ඒ නිසා පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
තවද හැඟුමන් පෙලන්නී මුලු රෑ
written by Tehan Perera & Smokio