ඇහැළිය මල | Ahaliya Mala by Uzi Senadeera & Dilki Uresha

Sinhala song lyrics with music notes illustration

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැලිය මල මම මද සුලගට
පවා සැලෙනා
නුඹ සැඩ සුලගකි මද එන බව
දැන සිටියා

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මද දැවුනා
රෑ නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹගේ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා

හොයනවා හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපේ වෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව

දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලේ නිදන්නම්
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම

ආලෙට තිව්වා තිතක්
කඩන්න බෑ මට තවත් හිතක්
ඇහැරිලා මං ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා
කන්නකි නුඹ මං දෙන්න හොවාලම්
ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්

රෝස තුඩක් වගේ
තියුනු බවින් පිරි
ආදරේ කියන්නේ අමුතු විසක්

රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ
අතින් ගිලිහුනු

දෑසින් රූරා වැටෙන්නෙ කදුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක්
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු

හද හඩනා පැය ගෙවුනා
රතු නෙතු රෑ මද දැවුනා
රෑ නොනිදා නිදි වැරුවා
ඉකි බිදුනා

නිහඩ උනා රෑ නුඹ අමතා
නුඹගේ මුවේ හැටි තරහා
හිත තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා

දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක් ආයෙ මම නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න මතු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි

සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගේම රුවක්
මං ආයේපාරක් මට කියන්නේ කුමක්
දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්

හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිදි නැසුනත්
දයිවය සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන

ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ
වෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මග
නැවතීය
අපේ පටුනෙන් ඇරබී
පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ
නිමවීය නොදැනීම

මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන හිතලා
හිරි පොද වැහි ඇති
හවසක නිහඩව හැඩුවා
ඇහැලිය මල මම මද සුලගට
පවා සැලෙනා
නුඹ සැඩ සුලගකි මද එන බව
දැන සිටියා

written by Yashodha Adhikari & Uzi Senadeera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply