එන්න යන් | Enna Yan by Smokio ft. Apzi [2021]

Sinhala song lyrics with music notes illustration

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එක පාරක් මදියි මටත් ඕනෙමයි දෙපාරක් වත්
එක පාරෙන් නතර නොවී එන්න දෙවෙනි පාරත් යං
කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්
මං කාටවත්ම කියලා නෑ
ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි ඔව්මයි
ස්වර්ගයට මග කියන පාලමක්
මං රැක්කා ඒ රන් ද්වාරය විස්වාසෙන් දුන්න දා පටන්
ආදරේ ගලයි දිය ගලා යා මෙන් උල්පතක් කඩන්
ශුද්ධ රත්තරන් තාලෙකට පද්දපන්
ඒ පයෝදර බරක් ඇස් වලට කොල්ලන්ට
වගේමයි කෙල්ලන්ටත් අවුලයි මෝල්, AYY
ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන්
කෑදරෙන්, ලෝබෙන්
මං ආසයි ඔය මූණ පිරෙද්දි මං ගැන කෝපෙන්
මං kurt cobain නම් ඔයා cocaine,
මානා ගෙන හී තල දුනු
සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුන්
අපේ කතාවක් පුරාවෘත්තයකට දේවි තුඩු
baby වෘත්තයක් මෙන් රකින්නම් ඔයාව
මගේ හිසත් කරන් මුඩු

මගේ ආදරේ වගේ මිණි මුතු
ඔයා දැක්ක දවසෙම සීලේ උනා කුඩු
අත ගාලා කිව්වා හ්ම්ම් මේවා හොඳ බඩු
Baby, Uhh මම දෙන්නෑ
කටු වෙන කෙල්ලො දුන්නත් ලෝක නඩු

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

පිපාසෙන් පෙලෙන තොල්,
යවන්නැහැ සෙල්ලමක් නොකර
ගෙන්දගම් පොලොව පෑගිලා
වෙන්නැති රතු පැහැ දෙපතුල්
පතොක් මල් වගේ මොලොක්
ඒ මොණර ගෙල වන් වලලුකර බදන්
පා සලඹ වේවි තොදොල්
රිය සක වන් පුලුලුකුල බොහෝ විනෝදෙන් නලවන
දෙපලු වගෙයි දොදොල් ooh, ooh
සුවඳ තවරන් නුඹ හමන්න සුලඟ මත් කරන්
මං කරන්නම් භාවනාවක්
නිරුවත්වාදී නුඹවත් ළං කරන්
පිටු ගණන් කලාම දිනපොතේ නෑ මාසයක් වත් තාම
ඒ වුනත් දන්නවා මෙන් හැඟේවි,
අවසන් ආත්ම වාර පහම
වර්තමාන කාල පාදපරිචාරිකාව
සුර ලෝකේ චාරිකා යං අල්ලාගන්න හයියෙන් මාව
හරිම පරිමාව මට ම හරි ධාරිතාව
අධි සරාගි සංඛ්‍යාතයක් දැන් අපේ නාලිකාව

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

එන්න යන්න යමු අපි හඳ පානේ
වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
පිණි පිණි වැටෙ සීතල යාමේ
වෙමු දඟ යහනේ උනුහුම ඕනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply