වත විකසිත නැති යාමේ
ළඟ උන්නා නෑ දැනුනේ
ප්‍රේමය බිඳ වැටුනාදෝ සොඳුරේ
හිත විස්තර නෑ ඇසුවේ
පෙර විඳි දුක ඇයි දැනුනේ
ප්‍රේමය මිය යනවාදෝ සොඳුරේ
කඳුලේ සරාවී රිදුමන් දැනේවී
පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලින් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..
බිඳී ගිය ඇස් වැනි වතාව තැන්වත්
හීන ලිය මඩුලු ඇත පරඬැල්වත්
අඳුරු හා මිතුරු වී සඳ කැන් මවන
කම්පිත ඇත හුදකලාවී ගැබ් වත්
ගලවා විදානෙකට පහන් දැල්ල
ගෑවි නොගෑවී හමන පවනැල්ල
කාලාවකාශයක් අතර මැද
හුදකලාවී සොයා වී හසරැල්ල
මඳ නල රැල්ල ගෙල වටා එතේවී
අතීතයේ මතක ආයෙත් ගෙනේවී
ජීවිතය නිරුවත් වී පෙනේවී
හුදකලාවී හදට වද දේවී
අත් අල්ලන් පියමන් අස්වන් මෝක්ශය
අද මම දන් නෑ ඈ ඉන්න ලෝකය
වයන්නම් මම වීණා ගිනිගනිද්දි රෝමය
හුදකලාවී පමනයි අවුලන්නේ ශෝකය
මල් පරවුනා ලොව තනිවුනා
අපි වෙන් වුනා හිත හිස් වුනා
සැකසූ කතා සිත වටලනා
බිඳෙනා නිසා මා දුර ගියා
කඳුලේ සරාවී රිදුමන් දැනේවී
පිලියම් දුරස් වී දිවියේ
අඳුරේ සරන්නී කඳුලෙන් උපන්නී
හැඟුමන් පෙලන්නී මුලු රෑ..
Leave a Reply