අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ….
රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්…
ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී….
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ….
ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා…
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී…..
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ….
Milton Perera
There are 58 posts filed in Milton Perera (this is page 6 of 6).
සඳ නැත බැබලෙන්න | Sanda Natha Babalanne by Milton Perera
සඳ නැත බැබලෙන්න – නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ – ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ – අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා – ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න…..
චංචල තිමිරි ලොවේ – පහන් එළිය ඔබ වේ
චංචල තිමිරි ලොවේ – පහන් එළිය ඔබ වේ
දෙනයන කැළුම් වැදී – මගේ මුළු විජිතය හෙළිවේ
සඳ නැත බැබලෙන්න – නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ – ඔබනෙත් හැර හිනැහෙන්න
ඔබ මගේ සුදෙහිනි – ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සුදෙහිනි – ඔබ මගේ සුබාශිනි
ඔබ මගේ සජිවනි – ඔව් ඔබ මගේ සුබාශිනි
සඳ නැත බැබලෙන්න – නොපෙනෙයි තරු ගොන්න
සුනිල් සුලෝචනියේ – ඔබනෙත් හැර හිනැහෙන්න
උපුල් නුවන් එළියේ – අරුමැසි සැනකෙළියේ
මම සැරිසරමි සදා – ප්‍රිය සනහස් සිලි සිලියේ
සඳ නැත බැබලෙන්න…..
ඇයි බඹරෝ | Ai Bambaro by Milton Perera
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
අද වාගේ හෙට හිරු පායනවා
නොපිපුන මල් යලි විකසිත වෙනවා
බඹරුන් එනවා පැණි බී යනවා
හවසට මල් පරවෙනවා….
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ප්‍රේමයේ නින්දේ දුටු සිහිනයකි
ඇති වී නැති වෙන එක පොදු දෙයකි
අද ප්‍රීති සිනා නැත කඳුළු ගැනා
ජීවිතයද මායාමකි….
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ඝන අඳුරින් බර කතරකට වෙලාලී
මට ඕනෑ නෑ කණ මැදිරි එළි
දුක සැප ලෝකේ එති ඇදී පෙරලී
විලසින් සාගරයේ රැලී
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
අහන්න මගෙ හොඳ | Ahanna Mage Honda by Milton Perera
අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…
අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…
වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ…
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ…
අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබෙ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී…
ඔබෙ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී…
ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක්දිව දෙසට හැරී…
ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක්දිව දෙසට හැරී…
අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…
අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…
අගාධ සාගරයේ | Agada Sagare by Milton Perera
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමී
අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමී
සීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලා
ශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලා
අගාධ සාගරයේ …..
මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ
මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේ
කිසිදාක නොමැත මෙලොවේ ශෝක සුසුම් හෙලුවේ
අගාධ සාගරයේ ……
සඳවතට අඹර වාගේ ඔබ හිතට එබී මාගේ
ආලෝකේ වෙන්න මේ ගේ එළියද වෙන කාගේ
අගාධ සාගරයේ ……..
මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා
මගෙ හද සයුරේ ගිලිලා පෙම් පිඩු අතරේ වැහීලා
ඇති රන් මලුවේ ඔබාලා නොයනු දැලෙන් මිදීලා
ආගාධ සාගරයේ ……..
මහ ගණ වනන්තරේ | Maha Gana Wananthare by Milton Perera
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ
ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා
ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා
වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ
වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ
ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා
ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ
සිකුරුලියා | Sikuruliya by Milton Perera
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා……
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා….
ගත සීතල පහස ලබා
ලැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා…
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා……
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා….
නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා…
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා……
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා….
ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
පාළුව ලග මා රන්දා සිකුරැලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා …
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා….
සියුමැලියා සිකුරුලියා….
සියුමැලියා සිකුරුලියා….
සියුමැලියා සිකුරුලියා….
දෙතුන් වතාවක් | Dethu wathawak by Milton Perera
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
රුව දැකගනුමට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට මට ආසයි..
රුව දැකගනුමට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඬ
අහගන්නට මට ආසයි.
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා පොඩි දරුවෙකු මෙන්
මගේ හදවත වැලපෙනවා .
ඇසිපිය හෙළනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා පොඩි දරුවෙකු මෙන්
මගේ හදවත වැලපෙනවා
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක් කතා කරන්න
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක සොයා බලන්න
මගේ දුරකතනයේ අංකය මතකද
මොහොතක්….කතා…කරන්න