අහන්න මගෙ හොඳ | Ahanna Mage Honda by Milton Perera

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…

වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ…
එපා නමන්නට අයුක්තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ…

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ

ඔබෙ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී…
ඔබෙ නම පතලව මහා වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී…
ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක්දිව දෙසට හැරී…
ලෝකයේ ඔබ කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක්දිව දෙසට හැරී…

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *