පොඩි කාලේ අපි දෙන්නා | Podi Kale Api Denna by Milton Perera

Sinhala song lyrics with music notes illustration

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ
ඔබ කව් රස ගීත තවම දෙසවන ඇත්තේ
මිහිර මැවේ එදා මෙන්ම හදවත මත්තේ

ඔබ නැති ඒ සංතාපය නැසුමට මාගේ
කොවුලන් එයි ඔබේ ගීතය ඇසුමට වාගේ
ඇසුමය වාගේ …
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා
පිපුනු සමන් මල් අරගෙන වැලකට ගොතලා
අනාගතේ රස සිතුවම් මිහිරෙන් මවලා
දැමූ අතීතයමා වෙත නිහඩව කියලා
වැට දිගටම එදා මෙන්ම මදු මල් පිපිලා
මදු මල් පිපිලා ….

පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ
ගී ගයමින් ගිය හැටි මතකද ගං තීරේ
නිල් දිය මත මානෙල් මල් හැඩට පිපිලා
තවමත් ඔබේ රුව පෙන්වයි යසට දිලීලා
පොඩි කාලේ අපි දෙන්නා සුදු වැලි පාරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply