පෙම් අප්සරාවෝ | Pem Apsarawo by Milton Perera

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම්
කල් බලා නිසල් සුවේ වාසේ වෙම්
රතී රඟන නිතඹ සලන
සොදුරු පියඹ රන් කිරිල්ල

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

(සත් සරේ හඬින් පිරී වදන් ඔබේ
මත් කෙරේ සවන් මගේ රසින් මිදේ
මහද අරණ සුවඳ කරන
සුළඟ රැගෙන හනික එන්න

පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ
හෝ හෝ හෝ
පෙම් අප්සරාවෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *