පෙර ආත්මයක | Pera Athmayaka by Milton Perera

Sinhala song lyrics with music notes illustration

පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ ඔබයි සොඳුරේ
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳ පානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
හ්ම් ම් ම් හ්ම් ම් ම් හ්ම් ම් ම් ම්

දෑතට බරවී දෑතක හිර වී
එක් වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ
මධුර අතීතේ දැනුණු තුසීතේ
ජීවන ගමනේ ගිම සැනසෙව්වේ
ඒ සුව සහනය සිහිවේ

නෙත්මිණි පිබිදී පැහැසර විහිදී
සියොළඟ ගිලුණා විශ්මිත එළියේ
සිත් ලෙස සුවසේ අත් ගෙන එක සේ
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ
භවයෙහි පෙරදී ආ මග වැරදී
කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ
මා ඔබ දෙඅතක තනියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply