ඇයි බඹරෝ | Ai Bambaro by Milton Perera

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා

අද වාගේ හෙට හිරු පායනවා
නොපිපුන මල් යලි විකසිත වෙනවා
බඹරුන් එනවා පැණි බී යනවා
හවසට මල් පරවෙනවා….

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…

ප්‍රේමයේ නින්දේ දුටු සිහිනයකි
ඇති වී නැති වෙන එක පොදු දෙයකි
අද ප්‍රීති සිනා නැත කඳුළු ගැනා
ජීවිතයද මායාමකි….

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…
ඝන අඳුරින් බර කතරකට වෙලාලී
මට ඕනෑ නෑ කණ මැදිරි එළි
දුක සැප ලෝකේ එති ඇදී පෙරලී
විලසින් සාගරයේ රැලී

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා
ඔබ යන්නේ වෙන මල් සොයලා
ඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *