මහ ගණ වනන්තරේ | Maha Gana Wananthare by Milton Perera

Sinhala song lyrics with music notes illustration

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා

වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ

වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා
ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා

දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ

දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply