in Raini Charuka, Raj Thillaiyampalam

චංචල දෑසේ | Chanchala Dase by Raini Charuka ft. Raj

චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා
මුදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා
හීන සාදනා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

නිම්හිම් නැති සිත්තම් හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

සන්සුන් නැති සිත්නම් මගේ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි යළි පෙම්බස් දොඩනා
නෑසු ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

චංචල දෑසේ මායා
ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා
ආදරේ දීලා
මල් වගේ සිනහා ගේනා
මුදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා
හීන සාදනා

ඊයේ වාගේ
මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා
නුඹ එයිදෝ පායාලා

Leave a Reply