විසික්කෙරුව සිත | Wisikkeruwa Sitha by Raini Charuka

Sinhala song lyrics with music notes illustration

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

මට සිළුටුයි සිත එය පාරන්න එපා
පෙම් ගඟ කළඹා බොර කරලන්න එපා
විසිතුරු මල් දැකලා, කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින්, විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා, දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වෙයි
රැඳුණොත් ඔබ මා හා, ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා, ඉමු සැමදා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply