මන්දාරමේ | Mandarame by Dasun Madushan ft. Raj Thillaiyampalam

Sinhala song lyrics with music notes illustration

මන්දහාසේ
නැගූ දෙව්ලියේ

ඉන්න දෑසේ
රැදී තුන්යාමයේ

වෑහෙනා
සවන් පත් පුරා
ආදරේ රහස් නිවිනිවා

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

පිපී හිනැහෙන
වසන් මල්විලේ
හැගුම් තටු සැලූ
සමනලී

සුසුම් කොඩයේ
විඩාබව නිවූ
සිසිල් පිනි නිවූ
සුරතලී

නෙතුමායිමේ
පේනා සුපෙම්
පෙම් හීන දුන් මාලතී

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

ලවන් සනසන
කොපුල් තල නුබේ
සුපෙම් සුවද දේ
ආදරේ

නැවුම් ප්‍රේමයේ
අනන්තය මැවූ
ප්‍රියාවී නුරා සාදයේ

පෙම්මාදිනී
සැරසූ දසුන්
ශ්ෘගාර රූ දේහිනී

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

මන්දහාසේ
නැගූ දෙව්ලියේ

ඉන්න දෑසේ
රැදී තුන්යාමයේ

වෑහෙනා
සවන් පත් පුරා
ආදරේ රහස් නිවිනිවා

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply