නීරස | Neerasa by Dasun Madushan ft. Kaizer Kaiz [2019]

Sinhala song lyrics with music notes illustration

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

තත්පර මිනිත්තු පැය දවස්
උදේ ඉදන් වෙනකන් හවස්
ඉවසුවා මමත්
සතුටක් නෑනේ තවත්
සල්ලි ගොඩක් නැති ජීවීතයක්
වගේ අන්ධයට සිතුවමක්
තේරුමක් නෑ කලුවරයි
තිබුනත් වටේට පාට ගොඩක්
අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී
ඉවසන්න බැරි වුනා පොඩි වුන්ගේ බඩගිනි
දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට
පනින්න නෑ නේ කහ ඉරි
නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

පිලිගන්නවා කොන්ක්රීට වත්තට
කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට
දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට
පිනට බරයි අපි නෑ පව පැත්තට

බල්ලන්ට පොශ් කඳුල
අපිට කොස් මදුල
අපේ රස බොජුන්
වගේලු උන්ගේ ඉඳුල
දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි
පොඩි උන්ට කන්න ලැබුනොත් හොදටම ඇති
කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ
උසාවී ගානේ මගේ ෆයිල් නෑ
පළවෙනි පාරට මම සිල් කැඩුවේ
පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ
හදවත ගින්නෙන් ලේ රත් කරලා
පපුව පිච්චුනත් තේ වක් කරලා
දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ
පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා

නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා
සීමා නෑ මේ රෑ මා වෙහෙසනා
නාඬා ශෝගී සේනා විඳවනා
නීරස වුනා ලෝකෙම මා පැරදුනා
වාවනු විනා රිදෙන පෑරුණු තැනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply