in clewz, IRAJ, Kaizer Kaiz, Romaine Willis

නිල් දෙනෙති | Nil Denethi by Iraj ft. Kaizer Kaiz , Clewz , Romaine Willis & Tony T [2020]

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පෙන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක් ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සේන් පන්නං
ලගින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
all I need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය දෑත මම
ආස නැද්ද මාත් එක්ක යන්න
අහස ලග
එකතු කරගන්න මගේ වාසගම

නුඹ ගාවම කැරකෙන්නේ
වගේ මම බබර
පොරොන්දුවක් වෙමුද අපි අතර
අපි අතර

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එළිය උනේ නුඹ මගේ හින්දද
චූටී හුරුබුහුටී අහින්සක
සීතල දවසක නුබයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
let me love you
Girl you all I need

නපුරුයි කතා
සොදුරුයි සිනා
මාගේ හිත පාරනා

සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need

මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා

banner

Leave a Reply