සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

Sinhala song lyrics with music notes illustration

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලා
පියනගනා විට පියතුම අතෙහි එල්ලිලා
වෙනදා මෙන් නොව මගෙ හද ගැස්ම වැඩිවෙලා
මට නොදැනිම මගෙ දෑසම කඳුළු තෙත් කලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

නික්ම යන්න අලුත් ලොවක දිවිය අරඹලා
මොහොතට පෙර නුඹ ආදර මවට ලංවෙලා
කෙලෙසක නුඹ රැගෙන යම්ද සිතත් නැවතිලා
හිදිමි මුවග සිනහවකින් කඳුළු සඟවලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

written by Kasun Wickramasinghe

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply