දුකට නටන්නේ | Dukata Natanne by Kasun Wickramasinghe [2025]

Sinhala song lyrics with music notes illustration

බොරුවට බෑ කියන්නෙපා

ගොතලා බොරු කියන්නෙපා

රස්තියාදු වෙන්න බෑනේ 

තවත් මේ වගේ

මට තව කෙල්ලෙක් 

හොයන්න වෙනවා

මගේ හොද වයස ගෙවෙනවා

ටික ටික කොන්ඩෙත් යනවා

හිතේ ඉන්නේ නුඹමයි  කෙල්ලේ

එත් උබෙ හිතේ ඉඩ නෑ කිව්වේ 

මට නින්ද යන්නේ නෑ 

මට කන්න බොන්න බෑ

මට කොල්ලෝ එක්ක අඩිය ගහලා 

පුරුද්දකුත් නෑ 

මම මේ දුකට නටන්නේ 

නටලා සිංදු කියන්නේ 

දවසක මං රජ වෙනවා

මට රැජිනක් ඔනෑ වෙනවා

මට නිලියෝ ඔනේ නෑ 

උබේ අඩු පාඩුත් නෑ 

මට උබත් එක්ක 

ඉන්නවා වගේ වෙන සැපතක් නෑ 

සතුටින් තොරන් බදින්නේ 

උබවම කැන්දන් එන්නේ 

බොරුවට බෑ කියන්නේ එපා

ගොතලා බොරු කියන්නේ එපා

රස්තියාදු වෙන්න බැනේ තවත් මෙවගේ 

මට තව කෙල්ලෙක් හොයන්න වෙනවා 

නෑ කව්රුත් හරියන්නේ  

නැකතකට පොරු බදින්නේ 

දුසිමක්  ලමයි හදන්නේ 

සතුටින් දැන් ම්ං ඉන්නේ

written by Kasun Wickramasinghe x Kamod Rashimitha Halambage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply