හෙමි හෙමින් | Hemi Hemin by Dumal Warnakulasuriya [2021]

හෙමි හෙමින් පස් දමා
ඔබෙ අතින්
මගෙ සිරුර සතපන්න දැන් ඉතිං
ඉන්පසුව ඔබ යන්න රැයට ඉඩ දී
මම නතර වෙමි මෙතැන ඔබට සමු දී …..

නැත කරුණු වැළපෙන්න නොයන මුත් මං
මුමුණන්න අප අතර මතක සතුටින්
එවන් හසරැල් විතක් රැගෙන සොහොනට ඇවිත්
ඉතිං මට සමුදෙන්න දැන් ඉතිං …..

අප හමුව සෙනෙහසින් සිනාසුන තැන්
දුකට කරුණක් නොවේ එහි නැතත් මං
ඔබත් එනු ඇති දිනෙක මම නිදන බිම් කඩට
එතෙක් මට සමුදෙන්න දැන් …..

Leave a Reply