අයි ඩොන්ට් නෝ වයි | I dont know why by Gypsies with Sunil Perera

කොයි කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි?
බලේ අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි?
වැඩේ කරා, රටත් කරා,
එත් තාම බලන් ඉන්නේ ඇයි?

ඒක නිසාම ලංකාවේ ඔහොමයි,
I don’t know why.

🔹 ජයත් පරාජයත්

දිනපුවම මෝරාවගේ මහත් වෙන්නේ ඇයි?
පෙරදුනාම හූනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි?
හුනා මෝරා වෙලා,
මෝරා හූනා වෙන්නේ ඇයි?

ඒවා මැති ඇමතිලා දන්නවද?
I don’t know why.

🔹 ආගම සහ සාධාරණය

ඇති එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි?
නැති එකාට දෙයියෝ කිසිවක් නොදෙන්නේ ඇයි?
ඉතින් පෙර කල පව්–පිං අනුවද,
එහෙම වෙන්නේ ඇයි?

ඒක දෙයියෝම දන්නෙයි,
I don’t know why.

🔹 ජීවිත තීරණ

හිතුමතේ ජීවත් වෙන එවුන් සොමියේ ඉන්නේ ඇයි?
නැකත බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි?
ඒක ග්‍රහයෝ නීච වෙලාද?
නැත්නම් ජීවිතේ විහිළුවක්ද?

ඒවා ග්‍රහයෝ දන්නවාද?
I don’t know why.

🔹 අධ්‍යාපනය සහ සමාජය

ඉඩම් කඩම් උකස් තියලා ඉගෙන ගන්නේ ඇයි?
ඉගෙන ගත්ත එවුන් පාරේ හිඟා කන්නේ ඇයි?
නූගත් අය ලොකු පුටු වල,
රජ කරන්නේ ඇයි?

ඒකත් ලංකාවේ හැටි,
I don’t know why.

🔹 නීතිය සහ අසාධාරණය

සතුට හොයා guest house වලට ගියේ ඇයි?
ඒ ගියාම පොලිසියෙන් කරදර වෙන්නේ ඇයි?
5-star hotel වලට පැනින් නැත්තේ ඇයි?

පොලිස් ලොක්කෝ ඒවා දන්නවාද?
I don’t know why.

🔹 සම්ප්‍රදාය සහ දෙබිඩි බව

එකක් එක්ක දීග කන්න කියන්නේ ඇයි?
අපේ රජවරු අන්තක්පුර දමාගෙන හිටියේ ඇයි?
අද ඒක කරන්න දෙන්නේ නැත්තේ ඇයි?

ඒ කාලේ හිටියොත් හොඳද?
I don’t know why.

🔹 මිනිස් හැසිරීම්

ඉඳලා හිටලා පොඩි අඩියක් ගන්න බැරිද?
බීලා බීලා සමහරු සත්තු වෙන්නේ ඇයි?
ගානට අරගෙන,
මං වගේ ඉන්න බැරිද?

මටත් ටිකක් වැඩිද මන්ද?
I don’t know why.

🔹 අවසාන ප්‍රශ්නය

බුදුන් වහන්සේ සාමය ගැන කියුවේ ඇයි?
ජේසු තුමා සැමට ප්‍රේම කරන්න කියුවේ ඇයි?
ඒ කියලත් මිනිස්සු මරන්නේ ඇයි?

යහ ගුණ පිරිහිලාද?
මිනිස්සු වල්මත් වෙලාද?
දෙවියන් අමතක වෙලාද?

ඒ හැමදේම…
I don’t know why.

Leave a Reply