කාලකණ්ණි පුතෙක් | Kalakanni Puthek by D-Sir ft. Aki Vish [2019]

Raw Sinhala rap exposing regret and survival.

Song Lyrics

99.01.27 කාලකණ්ණි දවස
හවස නෙමෙයි ඉපදුනෙ මං දවල් 12 නැකත
සීස කරලා අම්මට දුක දීලා දැක්කා ලෝකය
මෙලොව එලිය දැක්කෙ මොකද ඒක තමයි ශෝකය

අයන්න කියද්දි අම්මට හුඩු කියලා කිව්ව කාලේ
කව්ද හිතුවේ මේ තාලෙට පය තියයිද මාගේ
එදා පාරට බැස්සෙ උකස් කරන් අම්මගෙ මාලේ
නරුම පුතුට ඇයි පරක්කු දෙවියන්ගේ ශාපේ

හුලඟක් නැතුව ඇවිසුනා අළු ටික
සුන්දර ජීවිතේ කලුවර ටික ටික
අඳුරට හුරු මඟ සැනසුම අඳුරම
කලුවර කතාවේ අඳුරයි පිවිසුම

ගුරුවරුන්ට ගුරුගුටියට උනේ කොහෙද බය
ඒක තමයි මව්පියන්ට හැමදාමත් ණය
උබෙත් මගෙත් කොයි කාගෙත් දිරලා යනවා කය
හිනාවෙලා වට්ටපන්කෝ දැන් ඒකයි බය

ඇසුනා අම්මේ ලොවට හොරෙන් ඔබ ඉකිබින්දේ
ඒ පවට මා දුක් විදිනවා මේ අදූරු සිරකුටියේ
වරද ගත්තෙ මමයි මගෙ ජීවිතේ
ලොවට වැරදි කරු ඔබයි තාත්තේ

අයදිමි සමා..
හීන දියවෙලා..
ආත්මය මගේ..
ගිනිගෙන දැවෙනවා..

පින සිංගල් කරුමෙ ඩබල් ජීවන ට්‍රැක් එක නෝමල්
කට්ටි පැන්නා ඒ කාලේ මතක් වෙද්දී මටම ජුවල්
හැටන් ටව්මේ පාර කියයි ඇවිද්ද පය දහස් වටී
දහක් දෙනා බලන් හිටියා මම යන මඟ බොහොම කෙටී

පිරිවර නම් හිටියා වටේ මොණර කොලේට පිස්සු වගේ
දිව ගාගෙන ලෙව කාගෙන හිටිය උබලා සත්තු අනේ
තේරෙනකොට කල් යනවා කල් ගියාම පල් වෙනවා
සමාජයේ අමුතු චරිත හැමතැනකම හම්බෙනවා

තූල් පාර දාලා එදා පටන් ගත්තේ දුකක්
දුකෙන් තමා කියන්නේ අද කාලකණ්ණි පුතෙක්
දඩාවතේ ජීවිතේ මේ හිරිවැටෙනවා ඇඟත්
මරණය විතරයි ලඟින් ඉන්නෙ මගෙත්

යන්න ඕනේ වළට ගියා වටේ එවුන් සතුටු උනා
ගොලුවෝ පවා කතා කරා ඔක්කොම අද අන්ධ උනා
බැස්සෙ මොකද හකූ ඇද්දද විස දලූ
දැම්මෙ බරට බඩූ යෝ නඩු පිට කුඩු නඩු

ඇසුනා අම්මේ ලොවට හොරෙන් ඔබ ඉකිබින්දේ…

අයදිමි සමා…

D Sir අද කියලා දෙන්නේ දිවියෙ ඇත්ත කතාව
අඳුරගන්න බැරිඋනා මට පොඩිකාලෙම සතාව
මේක දෙවෙනි වතාව හෙට ලස්සන වෙයි කලාව
මේ සුන්දර රටෙ මං වගෙ අය බරක්ද මහ පොළොවට

කාලකණ්ණි පුතෙක් ඩෝ කාලකණ්ණි පුතෙක්
මව්පිය දෙනෙතට කඳුලැලි උරුම කරපු සතෙක්
විඳපු ජීවිතේ ගැන කියන්නේ අද රැපෙත්
විඳින කාලේ දැන් ආවට විඳවනවා ලොවෙත්

මනුදම් සරදම් එක්ක පොරබදින ජීවිත
බනදම් ගුනදම් වලට පිටුපාන ඒ හිත
මැරකම් මැරෙනකම් දිවිය පීඩිත
අපිමයි නොමිනිසුන් දිවිය චූදිත

ඔලුවට දැම්මම අකුරු විසබීජ සැරට
මළුවට ගිහින් වැන්දේ නෑ මම දුකට
ඉදහිට කිව් කතාවේ වැදගත් ඇතුල
සැපකට අතදීම කෙළවර දුකය

ඇසුනා අම්මේ ලොවට හොරෙන් ඔබ ඉකිබින්දේ…

අයදිමි සමා…

අම්මේ ඔබේ සෙනේ..මව් සෙනේ..
දැනුනා තාත්තේ ඔබේ සෙනේ..පිය සෙනේ..

Song Information

  • Song Title: කාලකණ්ණි පුතෙක් (Kalakanni Puthek)
  • Artist: D Sir ft. Aki Vish
  • Release Year: 2019
  • Genre: Sinhala Rap / Conscious Hip Hop
  • Language: Sinhala
  • Lyrics: D Sir & Aki Vish


Song Summary

A confessional rap narrating hardship, regret, family pain, and the consequences of choices in harsh realities.


Song Meaning

“කාලකණ්ණි පුතෙක් / Kalakanni Puthek” describes a brutally honest self-portrait of a troubled life shaped by poverty, mistakes, and social judgment.
The narrator confronts guilt toward parents, the weight of bad decisions, and survival within unforgiving environments. The song functions as social commentary—exposing systemic neglect, peer pressure, and the cost of chasing shortcuts—while seeking forgiveness and self-awareness amid remorse.


Frequently Asked Questions (FAQ)

Who performed “Kalakanni Puthek”?

The song was performed by D-Sir, featuring Aki Vish.

When was Kalakanni Puthek released?

It was released in 2019.

Who wrote the lyrics of Kalakanni Puthek?

The lyrics were written by D-Sir and Aki Vish.

What is the main theme of Kalakanni Puthek?

The song centers on regret, family pain, social realities, and accountability in life choices.

Leave a Reply