කාලකණ්ණි පුතෙක් | Kalakanni Puthek by D-Sir ft. Aki Vish [2019]

99.01.27 කාලකණ්ණි දවස
හවස නෙමෙයි ඉපදුනෙ මං දවල් 12 නැකත
සීස කරලා අම්මට දුක දීලා දැක්කා ලෝකය
මෙලොව එලිය දැක්කෙ මොකද ඒක තමයි ශෝකය

අයන්න කියද්දි අම්මට හුඩු කියලා කිව්ව කාලේ
කව්ද හිතුවේ මේ තාලෙට පය තියයිද මාගේ
එදා පාරට බැස්සෙ උකස් කරන් අම්මගෙ මාලේ
නරුම පුතුට ඇයි පරක්කු දෙවියන්ගේ ශාපේ

හුලඟක් නැතුව ඇවිසුනා අළු ටික
සුන්දර ජීවිතේ කලුවර ටික ටික
අඳුරට හුරු මඟ සැනසුම අඳුරම
කලුවර කතාවේ අඳුරයි පිවිසුම

ගුරුවරුන්ට ගුරුගුටියට උනේ කොහෙද බය
ඒක තමයි මව්පියන්ට හැමදාමත් ණය
උබෙත් මගෙත් කොයි කාගෙත් දිරලා යනවා කය
හිනාවෙලා වට්ටපන්කෝ දැන් ඒකයි බය

ඇසුනා අම්මේ ලොවට හොරෙන් ඔබ ඉකිබින්දේ
ඒ පවට මා දුක් විදිනවා මේ අදූරු සිරකුටියේ
වරද ගත්තෙ මමයි මගෙ ජීවිතේ
ලොවට වැරදි කරු ඔබයි තාත්තේ

අයදිමි සමා..
හීන දියවෙලා..
ආත්මය මගේ..
ගිනිගෙන දැවෙනවා..

පින සිංගල් කරුමෙ ඩබල් ජීවන ට්‍රැක් එක නෝමල්
කට්ටි පැන්නා ඒ කාලේ මතක් වෙද්දී මටම ජුවල්
හැටන් ටව්මේ පාර කියයි ඇවිද්ද පය දහස් වටී
දහක් දෙනා බලන් හිටියා මම යන මඟ බොහොම කෙටී

පිරිවර නම් හිටියා වටේ මොණර කොලේට පිස්සු වගේ
දිව ගාගෙන ලෙව කාගෙන හිටිය උබලා සත්තු අනේ
තේරෙනකොට කල් යනවා කල් ගියාම පල් වෙනවා
සමාජයේ අමුතු චරිත හැමතැනකම හම්බෙනවා

තූල් පාර දාලා එදා පටන් ගත්තේ දුකක්
දුකෙන් තමා කියන්නේ අද කාලකණ්ණි පුතෙක්
දඩාවතේ ජීවිතේ මේ හිරිවැටෙනවා ඇඟත්
මරණය විතරයි ලඟින් ඉන්නෙ මගෙත්

යන්න ඕනේ වළට ගියා වටේ එවුන් සතුටු උනා
ගොලුවෝ පවා කතා කරා ඔක්කොම අද අන්ධ උනා
බැස්සෙ මොකද හකූ ඇද්දද විස දලූ
දැම්මෙ බරට බඩූ යෝ නඩු පිට කුඩු නඩු

ඇසුනා අම්මේ ලොවට හොරෙන් ඔබ ඉකිබින්දේ
ඒ පවට මා දුක් විදිනවා මේ අදූරු සිරකුටියේ
වරද ගත්තෙ මමයි මගෙ ජීවිතේ
ලොවට වැරදි කරු ඔබයි තාත්තේ

අයදිමි සමා..
හීන දියවෙලා..
ආත්මය මගේ..
ගිනිගෙන දැවෙනවා..

D Sir අද කියලා දෙන්නේ දිවියෙ ඇත්ත කතාව
අඳුරගන්න බැරිඋනා මට පොඩිකාලෙම සතාව
මේක දෙවෙනි වතාව හෙට ලස්සන වෙයි කලාව
මේ සුන්දර රටෙ මං වගෙ අය බරක්ද මහ පොළොවට

කාලකණ්ණි පුතෙක් ඩෝ කාලකණ්ණි පුතෙක්
මව්පිය දෙනෙතට කඳුලැලි උරුම කරපු සතෙක්
විඳපු ජීවිතේ ගැන කියන්නේ අද රැපෙත්
විඳින කාලේ දැන් ආවට විඳවනවා ලොවෙත්

මනුදම් සරදම් එක්ක පොරබදින ජීවිත
බනදම් ගුනදම් වලට පිටුපාන ඒ හිත
මැරකම් මැරෙනකම් දිවිය පීඩිත
අපිමයි නොමිනිසුන් දිවිය චූදිත

ඔලුවට දැම්මම අකුරු විසබීජ සැරට
මළුවට ගිහින් වැන්දේ නෑ මම දුකට
ඉදහිට කිව් කතාවේ වැදගත් ඇතුල
සැපකට අතදීම කෙළවර දුකය

ඇසුනා අම්මේ ලොවට හොරෙන් ඔබ ඉකිබින්දේ
ඒ පවට මා දුක් විදිනවා මේ අදූරු සිරකුටියේ
වරද ගත්තෙ මමයි මගෙ ජීවිතේ
ලොවට වැරදි කරු ඔබයි තාත්තේ

අයදිමි සමා..
හීන දියවෙලා..
ආත්මය මගේ..
ගිනිගෙන දැවෙනවා..

අම්මේ ඔබේ සෙනේ..මව් සෙනේ..
දැනුනා තාත්තේ ඔබේ සෙනේ..පිය සෙනේ..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මල් පාරේ | Mal Paare by D Sir & Lil EnZa ft. Aki Vish [2020]

ඔබේ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ
කිචි බිචි කියලා ගයමු අපි සතුටින්
අත් පටලන් යමු නිදහස් පාරෙන්
අඩියෙන් අඩියෙන් තෙමිලා මල් වලින්
හිනැහෙන්න කුමරුනි
නුබේ ඇස් වලින්
පාට කූරු කෝ අපි
පාට කරමු දැන්
ජීවිතේ ලස්සන
රටාවන්වලින්
ආදරේ කියන්න නුඹේ හදවතින්
ජීවිතේ විදිමුකෝ
අතැවැල් බදිමින්
මගේ ආදරේ

හිතන්න
විදින්න
ලබන්න පතන්න
නුබේ ආදරේ දැනගන්න කියන්න
ආදරේ කරමුකෝ
හිතින් වගේ
සෙල්ලක්කාරයි ඔබේ දෙනෙත් දැන්
මගේ ලගින් ලගින්
හැම තිස්සෙ වගේ
අපි දෙන්නගෙ රහස් ගොඩයි
boy come closer
අපි තෙපලමු රහසේ

ඔබෙ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි සිතු සේ
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ

හිත අස්සේ bounce වෙනවා
shawty දැන් ඔයාව
හිතත් මගෙ crazy
ලග නැති වෙද්දී ඔයාව
එන්න හිතෙයි මට girly
ඔයාව දැන් හොයාන
තප්පරයක්වත් බෑ baby
ඔයා නැතිව ඉන්න

ඇතිලි
පැටලි
මගේ ලග ඔයා දැවටී
මුමුණන වදන් අස්සේ
වෙලා මම සිරවී
ඉගිලෙන්න අත්තටු දුන්නේ ඔයා ලගින් shawty
යන්න බෑනේ ඔයාගෙන් නම්
දුරකට පාවී
you are my queen
මගේ රජදහනේ රැජින
අන්තප්පුර ඕනෙ නෑ
ඔය ඉද්දී ලගම
තේරුම් ගන්නව නම්
තේරුම්ගන්න shawty මෙහෙම
heart එකත්
beat වෙන්නෙ
enzi කියන නමට
ඔයා නැතුව බෑ
මට කොහොමත් ඉන්න බෑ
හදපානේ යන්න එනවද
මට මෙහෙමනම් ඉන්න බෑ
අහසේ තරු තිබ්බට වැඩක් ද
කෙල්ලේ හදක් නැත්නම් රෑ
ඔයත් හදක් වගෙ
enzi නැත්නම් මටත් වැඩක් නෑ

ලගම දැවටෙන්නම් මං
හරිම ආදරෙන්
සදනාරී නවාපන් මන් නුඹේ ආදරෙන්
මන්දාකිනියක මා තනිවෙන්නම්
ඔබ හා ආලේමත් වීලා ඉන්නේ දැන් ඔබ හා
ආලේමත් වීලා ඉන්නේ දැන්

ඔබෙ සිනහව මාගේ දෑසේ
මැවි මැවි පෙනෙනවා දැන් රහසේ
ඉගිලී යමු අපි අද පැතු සේ
මල් පාරේ යමු අපි සිතු සේ
Hold ma hand
පිඹමු ආකාසේ
තාලෙට දැන් ගැහෙන හදවතේ
මේක ජීවිතේ ලස්සන කාලේ
අපි ඇවිදිමු මේ තරු පාරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here