මාලිගා | Maliga by Big Doggy ft. Dilo & Smokio [2025]

අහසින් තැනු මේ මාලිගාවන්
රහසේ වැටුනේ අදුරේ මාගේ
මනසින් බැලු ඒ චාරිකාවන්
සතු දේ අරන් මන් පියඹන් ආවේ

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ
තාමත් බලා හිදි සංසාරේ
සිහියෙන් වැඩ තමයි කබලෙන් වැටුනත්
මුදුනට යන්නයි මම ආවේ

බලපං, අහපං මචං ප්‍රතීචාර,
සෙල්ලම අදටත් මිතුරා අතීජාත
රැප ගොඩදැම්මා .පැවා ප්‍රාතීහාර
ප්‍රතමාදාර නෙමේ ප්‍රත්ක්ශ ප්‍රතීකාර

පස් පවෙන් කැඩුනෙම සුරා මේරේ
මෙක අංගං සටනක්, වැදුනම බොලාට තෙරේ
වීශ පොවපු හීය පසාරු කරං ගීයේ
අවස්තා වාදි ඔලු,මාලු බාද්දී බොර දීයේ

වැඩ බැරී දාස කීයවනවා වීකාරෙන්
අනුන්ට වල කපලා එරීලා වීශාදෙන්
සොකරී විමානෙන්, මරසී ත්‍රිමානෙන්,
මගේ වර්ස් රස කෙරුවා ඇන්ටා ගීටාරෙන්

ගතීන් දුර හිටියත් හීතින් තාම උඹ ගාව
ගැස්සීලා නැගිටිද්දී ඉස්පිරීතාලේ උබ ඇද ගාව
මීල කරන්න බෑ කරපු කැපකීරිම්
සමාවෙයන් තාත්තේ දුන්න නම් උඹට කලකිරිම්

මහීපිට අගලක් නැ, අහසේ මාලීගා
නගීද්දී ඉනී මගේ බලං ඉදීං බොලා මං දිහා
මැරී මැරී ඉපිද සසරක කරන චාරීකා
ස්තුතීයී දෙවීයනී ඇසුවට කරපු යාතීකා

අහසින් තැනු මේ මාලිගාවන්…

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ…

මේක වෙන තැනක්
හිතේ ඉලක්ක රැසක් තියන් ඉවසීමෙන්
සීරුවෙන් පාද තියන ගමනක්
අපායකින් වට වූ, මට ම වෙන් වූ සීමාවක
තනා ගන්න ගමන් ඉන්නේ මම දිව්‍ය භවනක්
විචාරයක් නැතුව මඟ හැරියා දින
මට මදි දැන් දවසකට පැය විසි හතරක්

තොර තෝන්චියක් නෑ ඔලුවෙන් ඇහෙනවා කට හඬක්
එක වෙලාවකට ඌ දන්නෑ හොඳක් නරකක්
වචනත් ලියවෙන්නේ දැන් නොදැනීමයි අතටත්
ඇට නැති දිවත් හැරෙනවා මොන අතටත්..

“වැරදි යි” කියන දේවල් වල පේනවා හරි බව ක් මට
“නිවැරදි යි” කියන දේවල් වල පේනවා වරද ක්
බලන්න එපා රවලා! මට තියෙන්නේ මේ ලොකේ
සියයකි න් අනූ නමයක ට නැති මනස ක්

මං ආස නෑ රස කවලා, රන් කූඩුවෙ දමලා
අන්ඳලා, බොරු මවලා සනසන්න කාවවත්
භෞතිකවාදි යි, අන්තර්වර්තික යි
වෙනස් ජාතියක් ! කරන්නේ බෑ කියන දේ මයි මං

ඇස් වලින් පේන දේ විශ්වාස නෑ
නමුත් ආසයි පිරික්සන්න වසා තියන දේවල් නම්
ත්‍රස්තවාදී ආකල්ප වෙනස් නොවන හින්දා යි
යාන්ත්‍රණයෙන් පලා ගියේ මං
සුලු ආයුධ පමණ යි භාවිතා කලේ තවම
පහර දෙන්න ගත්තේ නෑ බර අවියෙන් මං

කෘතවේදි යි දශ-විධ ශිල්ප දුන් න පාර ට
මං මේ කලාව ට අධිගෘහිත “රාවණ”
මං නෙමේ චරිතේ විශාල ම
ඒ වුනත් කූනාටු උපදිනවා දැන් පිම්බා ත් මං ලාවට

ආවා ට හිනාව දාන්, දන්නවා සතාව මං
ඒ හින්දා ඉන්න ඈතින් ම නෑවිත් මං ගාව ට
අදාල නෑ “වාරණ” මට නම්! විකාර ද?
පායන්නම් මං “හඳ” වගේ, දාක ත් අමාවක..

අහසින් තැනු මේ මාලිගාවන්…

ගලායන සිතුවිලි මැදින් ගංගාවේ…

ආ මග දුරයී, යන මග කෙටීද දන් නෑ
සල්ලී ප්‍රසිද්දියේ යාලුවො ගුන හදුනන් නෑ
ගොඩක් ඌන් හැලුවා, දොස් කීව්වට කම් නෑ
මගේ කවය පොඩි වෙලා එකේ අද ඉඩ නෑ

දැකපු හීන දීගයී, හැබැවුනේ ටීකයී
තනී ගම්නේ අනීවාරෙන් දවසක මම දීනයී
සුබ පැතුවට දාහක් අත දුන්නේ ටිකයී
අලු වලීන් ඉපද දවසක අලු පොලවෙ දීරයී

ගොම්මනට පෙම් බැන්දා අලුයම මුසලයී
මහ අව්වේ රස්තීයාදුවත් මට හීතලයී
කදුලු දැකපු නැතී ඌන්, දැක්කේ රතු ඇස්
අන්දාකාරෙට හුරුයී, නාවට කම් නෑ හීරු රැස්

මැරතන් එක ඉවරයී, දැනෙන් නෑ මහන්සී
බාල්දී පෙරලපු ඌන් ගුලී වෙලා හාංසී
මගේ හීනේ මම වින්දා නෑ තහක්චී
ගේම ජිනුවින් නම් මහ පොලවත් සාක්ශී

ගලන දොලකි ජීවිතේ
මගක නැවති ඉන්නේ නෑ මන්
හමන සුලගත් මේ දෙසේ
මාවම තවමත් විශ්වාසයි බන්
විශ්වාසයි මන්
මට විශ්වාසයි මන්
විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි මන්

written by: Big Doggy, Dilo & Smokio

උකුල නටෝලා | Ukula Natola by Dilmin Perera ft. Apzi & SANUKA

කොහේදෝ ගියේ හැංගිලා
නුඹ මගේ ඇඟ පුරා ගිනි තියා
දුර ඈත පේන නාන තොටුපලේ
කඳු ඉස්සිලා මෙහාට දිස්වුනේ

දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ

යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා
සෙල්ලක්කර නුඹේ කොල්ලාගේ හදේ ගිනි අවුලෝලා
දෙන්නද නුබේ ආඩම්බර කටේ කෑම පුරෝලා
නුඹගේ වගේ හැඩනම් නැතේ නුවර බිසෝලා

Rap
මං ආසයි නෙ දෙන්න
මං දෙද්දි ආහ් ගන්න
මෙ ආලය පුරෝලා
එක තැන ගස්සලා පද්දලා
තව උස්සලා
ගන්නං මං නටෝලා
සින්නක්කර ඕනෙලු පස්ස
තෙත් වුනා මල් පෙති අස්ස
ගෙඩි කන්නද උබ දස්ස
Baby ගහමු අපි විස්සයි විස්ස
ඔන්නෑ නුවර බිසෝලා
බඳ හැඩ බෝතලෙ Cola
තව තව උණුහුම ඕනා
කරගන්න උඹෙ සුදු නෝනා
I want it I got it come lock with the zii
Wake up and bake up I’ll make u some tea
ලස්සන මැණික් කුමාරි
උඹෙ අප්සරා මනාලි

දිය බේරී නුඹේ ගත තව දිලිසුනේ
උණුසුම් වී මගේ තෙවනත එසවුනේ
මා පැරදී සුදෝ සුදු මල් විසිරුණේ
නුඹේ ලයේ පුරා මැවී පෙනේ

යමුද නගේ වණ්ඩියේ මගේ උකුල නටෝලා //

written by Sanuka Wickramasinghe & Apzi

තේරෙයි කල් යයි | Therei Kal Yai by Lil Rome Asha & Pre

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි
රාළහාමි මට ගැහුවේ දඩයයි
බටේ අරන් අපි ගියේ වටයයි
තේරෙයි කල්යයි…////

බුදු සාදු මගේ හාමුදුරුවෝ
ගහන්ඩේපා මු ආය කිරුවොත්
කුඩු දිහා උබ ආය බැලුවොත්
අරිනවා දාලා දරුවොත්
රෝමේ හුත්## මේ original නම්බරේ
බස්සන්නේ උබලගේ ඇත්කරලා බංකරේ
කල්‍යානි රට ගිහින් හිස් වෙලා කාබරේ
ගෑනුත් යනවලු පහුකරන් සාගරේ

අපි දැන් පරණයි රෝමෙට වයසයි
පොඩි කාලේ ඉදලා කැවේ වහමයි
හැදෙන්න ආසයි වැටෙන්නේ වලිමයි
කුඩ්ඩා විකුණුවේ අම්මයි ළමයයි

ආතල්ද ඕනේ ආතල්ම දෙන්නම්
නැටුවා මමත් ඩො සුපිරිම වන්නම්
ටවුමේ හරක් මං කුඹුරට ගන්නම්
කරත්තෙ බැදගෙන දක්කන් එන්නම්

ඉන්නේ OLD SCHOOL ගැම්ම එක්ක
යන්නේ කඩේට ත් අම්මා එක්ක
Status දෙක තුනකුත් දැම්මා එක්ක
දැම්ම අරං වරෙන් හරක වික්ක

ලන් කරගත්තම ලේ බොයි
ගමට ගියා මූ Play Boy
ලෑලි උනත් මගේ ගේ ශෝයි
තනි කම සැපයිනේ ඕයි

ගලපන්නේ පදනන් මට පපඩම්
අරින්ඩේපා මල්ලි ගද පඩනන්
රොටි කාලා දෙන්නේ වදනන්
එනවද උබලගේ ඔලුව උඩින් අන්

කතාව කියන්න කල් ගියා
දැනගන්නත් බැරුව කල්තියා
මුන්ට වදින්නද මල් තියා
Right එහෙමනම් මන් ගියා

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි

කල්‍යානි රට යයි…////

රටට බරක් නෑ පාවෙල ඉන්නේ
කුඩු කාරයො වෙලා චා වෙලා ඉන්නේ
ගොටුකොළ කැරි### පාවලා දෙන්නේ
මූණ බලපන්කෝ කහවෙලා මුන්ගේ

ගෑනුනන් මූණට වැලි ගහනවා
මහ මුහුද අයිනෙ පොඩි රැළි ගහනවා
තොපි රැල පිටින් අවොත් තැරි ගහනවා
ලුණු ICE කරලා ඌට බර ගහනවා

ICE ගහනවලු ගල් වෙන්න
මේ පෝමලින් ගහන්නේ මල් එන්න
තොපි එපා ඩෝ එකතැන පල් වෙන්න
කල්‍යානි ටිකක් දැන් ළං.. වෙන්න

ළං වෙයි පිච්චිය තිබ්බොත්
එතකොට ඇගේ එල්ලෙනවා ඉන්නොත්
දුර දුවන්න හැදුවට ක්ing බොත්
බර Race ගැහුවා Bro ඉබ්බොත්

මම කවුද උබ තාම හිතනවා
පොඩි කොල්ලො Show එකට කිරනවා
තෝ යකඩනන් හු## දිරනවා
මන් ප්‍රබා හු## රැප් ඉරනවා

මට වදන් එන්නේ ගලං
හු## තොට ඉන්න වෙන්නේ කට බලං
කැ## තෝ සූරං කාපන් වලං
මල්ලි තෝ හෝදන්නේ අනුන්ගේ පිගන්

තොපි පන බේරගන්න ගැටේ ගහනවා
දැන් රස්තියාදු පාරේ වටේ ගහනවා
මන් අ## ගහලා උඹේ කටේ ගහනවා
දැන් දන්නෑ වගේ දැන් ඇ## කහනවා

රැප් වාන් ඇරියා එක දොරෙම්ම
මේවා තේරුම් කරේ අපි මුලින්ම
කොහේ සැනසෙන්න ද බං පොරෙම්ම
කල්‍යානි රට ගියා හොරෙම්ම

බලන්ඩේපා උබේ ඇහේ පොටයයි

කල්‍යානි රට යයි /////

written by Lil Rome Asha & Lil Rome Praba

Sinhala Rap Medley by We Plus ft. DrBSKing [2025]

පෙරියමුල්ල

පෙරියමුල්ල speciality නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
කැට ගැහුවා බිච් එකෙ වෙරල සංගමේ
ආතල් අද bro පිහිටෙන් මට පන්දමේ

වැල්ලේ දැමිමෙ ඔට්ටු
ජාති බේද නෑ කෝවිලේ තිබ්බා මම පොට්ටූ
නුවර feels වගෙ මෙහෙ plus තව beach
හිත නිදහස් මට මාර කොල්ලෝ peace

මචං පෙරියාමුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන්ව පෝලිමට දක්කන්න

මරැ වැල් බැදලා මාන කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ අස්සෙන් මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වෙ කට්ට කෑවා ගෙවෙනකම්ම සෙරෙප්පුව

උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලුවො ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හඳත් අල්ලලා

කල් ඉකුත් නෑ තාම සැර බාල
Auto pilot mode එකෙ දන්න නිසා පාර
Overdose Hip Hop බලපං නහර
ගහපු ගේම අනුව තමා මෙකේ ප්‍රතිචාර

දෙවියන්ගේ බාරේ

මතකයි අද වැනි දවසක
සැමරුවා උපන්දින සාදය අප
මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව

බින්දා පොරොන්දු මම අඩිකෝදුව
මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
ණයටත් ණයයි අවුරුදු හයයි
කූරු ගණිනවා හිර ගේ හිත බයයි
මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව

අත හැරියා රස්සාව
සූදු කෙළින්නට මගේ ආසාව
සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
ලියමි මගේ වරද බිත්ති අතර පතර
කඳුළු බිඳු මකා දමන්න හමන්න
සුවඳ සුළඟ ජීවිතේ
පැමිණ මා වැළඳගන්න

මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
සමාජය නගනයක් ඇහැක් ඇරියම
පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
දේ බාර කරපන් දෙවියන්ගේ බාරෙට

දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්
ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්රී නාමයෙන්
සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
විය යුතු මොහොතකින් ගැලවෙයිදෝ
දෙවියන්ගේ භාරයෙන්

වෙල් පැන්ටා

මගෙ නම පාල
විශාරද ගහලම සවු කොල රෝල
රට ඉඳි සීනි තමයි දැන් ඕන
මගෙ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල
වෙල ලඟ තමයි Set වෙන්නෙ කට්ටිය
ලුණු මඤ්ඤොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නෙ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නෙ පිරෙන්න හට්ටිය

දවසක් රෑ
ටික ටික පෙරාගෙන එද්දි ඇවලුනා
සෝමෙගෙ කෙහෙල් යායම
බොරු කියන්න ඕන නෑනෙ මහත්තයො
මම ආසම කාලෙට පායන
ඇඩ්ඩිං බණ්ඩා පහල කඩේ සුනිල් තමයි මට
සැරටම වෙන්නෙ දැං දායක
වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නව සුපිරිම ගායක

ලාවට ගහල ආවෙ මම අඩියක්
අවුරුද්දට පෙරනව මම වඩියක්
ගනිං ගෑණියෙ කන්න හදපු රොටියක්
පහල කඩෙන් අරන් වරෙන් මට බීඩියක්

රාලහාමිල නම් අදාල නෑ
OIC ට තමයි බය
අපි එළියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකං වෙලාව 06.00PM
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනව ඕවට කය
අත්පිට මුදලට විතරයි මගෙ ගණුදෙනු
වෙන්නෙපා මටනම් ණය

දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එළකිරි පදමක්
Shot එක ගානට දෙන්නෙ මං
වැඩිපුර ගත්තොත් වැටෙනව මෙතනම වරුවක්

ඕන්නං cocktail
Soft Drink
Cake හදන්නත් නියමයි එක්කලා සරුවත්
මගෙ පදමට ඉන්නෙ බඹරුත් සමවැදිලා
පාවලා දෙන්නෑ උන් මැරුවත්

කවුද කවුද අර එනව පේනවා
ගැන්සිය වෙන්නනම් බෑ.
කට්ටිය දන්නවා 10න් පස්සෙනම්
මං බඩු විකුනන්නෙ නෑ

අප්පටසිරි පිපුනා ඇඟෙ හිරිදැං බැස්සා මගෙ වෙරි ආවෙ පොලීසියෙන්
අදනම් ඉවරය
දිව්වොත් මාට්ටු
කෑවා ටොපියක් මං හදීසියේ.

අනෙ අනෙ මේන්න වැන්දා එපා
මාව ගෙනින්න ඉවරයි
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න

සාජන්
දැගලුවොත් ගහපිය
මූන පොඩිවෙන්න

written by Various Artists

100/100 by Smokio ft. SYKO [2025]

මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්
මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන්

ඔව් මං ආවා මාව දැක්කා ආශිර්වාද ලද්දා
SMOKA ගත්තා මාව ආත්මෙට භවත්‍රා
“SYKE!”
රඟද්දි මම ඔටුනු පළන්ඳන්
දිරවන්නේ නැති #රියෝ භූමිදානය කරන්නම්

ආස නෑ සත්තුන්ට මිනිස්සු වගේ රඟපාන
මං තමා #රියා ඒ තිරිසන්නුන් වළ දාන
පැටියා කාලේ ඉඳන් නෙත ගැටුනේ අපරාධ
දුකයි දකින්න මේවා ලාංකිකත්වේ මඩ ගාන

සුදුසු ඇසුරට නුසුදුසු මිනිස්සු ලං කරගත්ත එක අම්මේ වැරදියි
ඔව් ලොකු පුතා,
නෑ මේ ගේමේ නම් වෙන්නේ පැරදි‍
ඒත් කාටත් හොරා කලේ නෑ ආත්මේ මගේ වැරදි

ඉතාම දුර්ලභයි ඇතුලාන්තය දැක්ක අය,
කීපදෙනයි ඉන්නේ හරි සිහියෙන්, හරි සිහියෙන්!
මම සිහියෙන් ද අසිහියෙන් ද අහන්න එපා
සීයයි ලකුණු සීයෙන් මට
සීයයි ලකුණු සීයෙන්

CHORUS –

මම මගේ දේ කරනවා නොමැළි වීලා වීර්යයෙන් සීය යි සීයෙන් සීයයි සීයෙන්
මම මගේ ගේම ගහනවා සිහියෙන් හෝ අසිහියෙන් සීයයි සීයෙන් සීයයි සීයෙන්

මංමාවත්වාදී කලාකාමී ජීවේ
ආධ්‍යාත්මිකයි නැතත් ශීලේ
පාරාර්ථකාමී යාතාර්ථවාදී මිනිසෙක්
විභාග සියල්ල සමත් සීය යි සීයෙන්

උපන්නේ තනියෙන් උඩ ආවේ අඩියෙන්
උසස් ගතියෙන් උසස් රූපශ්‍රීයෙන්
අම්මා දුන්න වීර්යයෙන් තාත්තා දුන් අවියෙන්
අපායත් දිව්‍යලෝකෙට හැරෙවුවා මං ගීයෙන්
ජීවිතේ කතාව මම ලියුවා කවියෙන්
ජීවිතේ කලාව කරන් ජීවත් වුනා හීනේ
ජීවිතේට පාඩම් ගත්තා සිහියෙන් හෝ අසිහියෙන්
ජීවිතේ මං පාදා ගත්තා සිහියෙන් හෝ අසිහියෙන්

ඕන දේවල් ගත්තා හොඳම හරියෙන්
හොඳටම හොඳ නැති “හොඳම” චරිතේ
හොඳින් හෝ නරකින් කලේ කොතනත් හරි දේ
නොමියෙයි නම හැම තැනකම මූලින් එයි
“SMOKIO”
යන හැමතැනම නම දිස්නෙයි
මුණගැසුනු සැනින් සියලු සතන් සිත් දෙයි
මුලින් කසුකුසුවයි පසු මුලසුන් හිස් වෙයි
හිසෙහි සිට පතුල් තෙක් ශ්‍රේෂ්ටත්වය දිස්වෙයි
සීයයි ලකුණු සීයෙන්

written by Kevin Smokio x SYKO

නානාප්‍රකාර | Nanaprakara by King Lotuss [2024]

මායාකාර
මිතුරන් විවිධාකාර
මූණු නානාප්‍රකාර
නානාප්‍රකාර ///
හේඒ

රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේ
මිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝ
මං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ

මේ රේස් එකක්ලු සැරසේන් එලවේ න්
දුවද්දි සල්ලි පාට තරු පේන එලවේ
මගේ වචනෙට මාලිගාව හෙලවේ
අවංකයට අගදි එල වේ මුලදි කෙලවේ

ඒ ඒ උදවිය කරපුව අරං යයි
මට බෑ බයිල ගහන්නයි ගැරඬි මරන් නයි
ලගම එකාගෙ බඩගින්නෙ උපරිමේදි
කන්න දෙයක් නැත්තං උබවත් මරන් කයි

දෙන්නං අවවාදයක්
ලං කාවේ තියෙන්නෙ සං කීර්ණ සමාජයක්
උඩට කෙලවරක් නැති අහසකුත් එක්ක යටට කෙලවරක් නැති ආ ගාදයක්

මායාකාර…

ආ අවධියෙන් යලි නෙත් මගේ
මෙ කැලේ මම තනි අලියෙක් වගේ
කපුටො එක්ක පියඹීම නවත්තන්න වෙනො පියඹන්න රාජාලියෙක් වගේ

මං නම් තීරණ ගන්නෑ කේලම් ඕපදූප අසලදී
සමහර තීරණ තිබ්බා කුණු ගත්තා කසල දී
හඳවත සසල වී නිසසල විය
ප්‍රශ්න එද්දි කසල වී පිලි තුරුද එ අසල විය

සමහරු වාසියට ඇලෙනවා
සමහරු ඉරිසියාවෙ පැලෙනවා
අපි කඩියො වගෙ අඩිය අඩිය පඩිය පඩිය නගිද්දි කෝමත් හැලෙනුන් හැලෙනවා

මායාකාර…

written by  Ashan Perera

ගැම්මට බ්‍රෝ | Gammata Bro by Smokio [2025]

දුන්න පොරොන්දු මන් රැක්කා සහෝ
පතුලේ ඉදන් උඩරම නැන්ගා සහෝ
ඇත්ත වෙන්න බැරි හීන දැක්කා සහෝ
දැන් ඒ හීන ඇත්ත උනා දැක්කද බ්‍රෝ

වැනුනා මං දෙපැත්තට බ්‍රෝ
අවංක උනානම් උනේ ඇත්තටයි බ්‍රෝ
මං නවත්තන්නෑ ඩෝ
මං බැම්ම ගලෝගෙන
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ

ගැම්මට බ්‍රෝ ///
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ
ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

ගැම්ම හිතේ ඉහ වහා ගිහින්
ඒක පෙන්නන්න දන්නෑ මං රහසින්
මං වින්දා දුක් හිටගද්දී
සැපක් උනා හීනේ දිනාගද්දී

සොයන් අබිමානෙන් හිත මාත් වී
ජයග්‍රහනය රස දිව ගාද්දී
ඇස් දෙක වැහුවා තිර පහත් වී
ගියා දෙපතුල් පොලව සිප ගද්දී

දැන් මට මල් මාල දානව
පාර වැහුව අතීන් ම
ගුන කියනවා දොස් කිව්ව කටීන්ම
දින්න හින්දා දැන් මං තමයි ගින්න
ඉන්න ඉන්න තව ආසලු දකින්න

උන් දන්නේ හිනාවෙන්න වරදිද්දී
දිනනවා කියලා හිතාගෙන පරදිද්දී
නරි වුර්ක හම දාගත්තා පිටින්
මං තනි කොටියා තාම පනපිටින්

ගැම්මට බ්‍රෝ ///
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ
ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

ලැබුන්නෑ එක පැයකින්
ලොතරැයියක් වගේ ඇදුන්නෑ එක රැයකින්
හිටපු තැන් පේද්දී ඈතින්
පණ පිටින් ඉන්න එකත් අරුමෙකි නොමැරී

සින්දා ඔපෑනි ගතී
නැත්නම් හැමදාම හොද ගෑනි බඩින්
මොනාද බඩගින්නට නොකෑවේ අපි
කොහොමත් යනව රිංගා කොතෑනින් හරි

නොසෑහෙන හිත් පෑරුනා
නොදෑනි අපි
ගොඩ එන්න මැරුනා නොමෑරි අපිත්
නොගෑවෙන රින් වෙන මඩෙන්
පත් ආකාරව ඉන්නේ ගෑවී නොගෑවී ලගින්

නොපෑහෙන හිත්
ඉන්න ඇති ගෑවී නොගෑවී ලගින්
ඈතින් නොගෑවී ලගින් දැන්
දැම්මොත් කැරි ගති
උලනවා ඒ කෑලි අතින්
අහුලන්න වෙයි ඒ කෑලි අතින්
උන්ට බෑ ඉන්න ලගින්

ඒ හින්දා මාව මැන්න සහෝ
පුදුම කතන්දර මැව්වා සහෝ
සමහර තැන් වල ඇන්දා සහෝ
සෙල්ලමක් නෙවෙයි මේක දැන් නම් සහෝ

ගැලපෙන්නැත්නම් වල දැම්මා සහෝ
අතීතේ වලේ දාලා වැහුවා සහෝ
දූවිල්ල ගසලා දැම්ම සහෝ

ගැම්මට බ්‍රෝ ///
උස්සන් එන්නෙ නිකට ගැම්මට බ්‍රෝ
ඒකයි මං ඇවිදින්නේ ගැම්මට බ්‍රෝ

written by Kevin Smokio

මරණයක් | Maranayak by Smokio [2025]

අව්‍යයාජ උන්ට කියන්නෑ මං වචනයක්
ඔව් ව්‍යයාජ උන්ට ප්‍රියක් නෑ මං දශමයක්
අව්‍යාජ අවංකයි කිව්ව එක වචනයක්
මං ව්‍යාජ උන්ව තියන්නේ නෑ එක තප්පරයක් //

මරණයක් ////

පෙර දින ගෙදරට ගෙන්න ගත්ත ඊරි
එලිවෙනකල් මගේ පිට පුරා සීරී
කෙතරම්ම මිහිරිද
එතරම්ම මිහිරි

තුත්තිමෙ තීරිත් වගේ පත්තීනුත්
ඉන්නෙ නොගිහින් මගේ පතිවත ඊරෙත්

වැරදුනු වෙලෙ මගෙ කලාව හැදීමෙත්
බැල්ලිගේ දත් ටික කෑවා මං පීරී
වැලහින්න වැලපෙන්නෙ
වැල වගේ රීරී

වයනවා වීනාව මං පැටවුන්ට බීරී
පීඩාගෙන දුන්නෙ මම බල්ලන්ගෙ බීරි
මැන ගැහුවේ හරි තැන දැනං මං පිහිටී

මම දැන ඉගෙන නිපුන කලා
කුසලතා පිහිටී
දකින්න මගේ දුබලතා අකමැති
ඒක පාගලා දාලත් උබලා ආවා
නැති වුන දේවල් ලබා ගන්න ඇති වුවමනාව

දැන් අසන්න මේ ඉන්නේ පරන එකාම
මේක කන්නෙ එකාලා
මේක මගෙ වෙලාව
මගේනම් ගේම ඉල්ලන්නේ
මගේම නමම දාපන්

මරණයක් වෙන්නෙඩෝ
මරණයක් මං නෙවෙ
පරන එකාත් යන්නේ
අමුතු මාරෙකක

තරගයක් නෙමේඩෝ මට නම් කාවවත්
සිහසුනා හොබාන්න මම තවදුර තනිකඩ
කටුකබව පරදන්න බෑ තව
කාපු කටු මම අරන් ආවා
අමුතුම රසකට
අකුණු ගසාගෙන
අකුණු ගලාන් එන්නෙ
ලකුනු දමාන් දෙවරක් අඩු වුනු වරදට

වෙස් මූනු දන් උන්ගෙ
පතුරු යවාගෙන
එද්දිම දිනපතා කදුලු හලාගෙන
දැන් කකුල් මැද්දට නකුට ගසාගෙන
එන්නෙපා බොරුවෙන් කකුල බදාගෙන

පෙනේනම් මුවෙන් මගේ නපුරු බවාක් ඇත
එන්නෙ සුනාමි ලෙස විස කදුරු ගසාගෙන
කකුල උලාගෙන කකුල උල්කරාගෙන
මම ලග ඉන්නම් මම එන්නම් දුම දාගෙන

පය තිබ්බෙම දරුනු කලාපෙට
දැන් උබ ආවේ උබේ අදුරුම කාලෙට
දැන් හැන්ගෙන්න වෙන්නෙ
අහුමුලු ගානෙම
මං එන්නේ සද්දෙන් දැන් එන්නෙ සද්දේ
කසුකුසු ගාගෙන
බටලන්දෙදි මරවලා බාගෙට
දෙන්නෝනි කැරියන්ව කපුටන්ට දානෙට

එන්නෙපා තල මට
අගුලුව පායයි
එන්නම් මං ස්වර්ගෙට හතුරවත්
මරාගෙන

written by Kevin Smokio

මිත්‍රයා | Mithraya by Smokio [2025]

ගිනිදැල්ලක දිස්නයත්
වැහි බින්දුවල ටිත් හඬත්
සොබාදහමත් නිස්කලංක
විටෙක ප්‍රතිබිම්භයත් මාගේ
නිරීක්ෂ විශ්වයත්
මා අතින් ඇන්ද චිත්‍රයත්
වේදනාබර රිද්මයත්
උනා කල්‍යාණ මිත්‍රයා මාගේ //

අතට හුරු වූ පෑන
දැනුණ හැඟුන දැක්ක දේ ලියන්න
පොතක පිටුවක් කොලේක හිස්තැනක්
අදහස් නිදහසේ කියන්න
අකුරු ගැළපිලා බැඳුණු සියලු පද පේළියක්ම
නපුරු නෑ මට තාමත් රකිනවා සැපේදිත් දුකේදිත් මාව

මා ගයනා වේදිකාව ඔසවයි මා කොහේ ගියත්
නොතියා ප්‍රහේළිකා නොකරවා මොළේ විකාර
දුෂ්ට වූ මොළේකින් ආව
ආකල්ප ලේ පිපාස
සටහනකින් පොතේ තියන්න හුරු නිසා ඉන්නෙ බේරිලා මං
අත් උස්සපන් බේරිලානම්
අත් උස්සපන් තේරිලානම්
නොදකින් නොතේරිලා නම්
අහෝ දලේයි ලාමා

තවදුරටත් වැරදි අහනවාද මමනං වැළලිලා මං
ආ පාරෙ හැරිලා යාං ඇතුල් උනේ පාරෙ වැරදිලානම්
තෝර ගත්තනං වැරදි පාර
උබ තමයි වැරදිකරුවා
ස්කන්ධය වැළලිලානම්
උබ ළඟ ඉන්නෙ වැරදි යාලුවා
වතුර තියෙනකල් විතරයි විලක ඉන්න කැමති මාලුවා
වතුර හිඳුනදා දෙවරක් නොහිත දානවා ක්ෂනික මාරු

ගිනිදැල්ලක දිස්නයත්…

සූර්යයා උදාවනා තුරාම පින්න වහිනවා
පදිනකල් ලු පාරුව සයුරෙ සෙලවිල්ල හරිද මා
කටින් හිනාව දාමින් හිත හිතා ඉන්නෙ මාරුවෙලා පනිනකල්
අපෙන් වෙන්න ඕනෙ කාරිය උනාම උගෙ ඇත්ත ආය එලියට පනිනවා

උට තිබහයි නම් තිරිසනාටත් කිරි පෙවීම හරි තමා
ඒ මුර්ගයා බං මතක නොතිබු දා ඌ බෙල්ලට පනිනවා
හරිම යාළුවා කියං හිතා ඉන්න එකාම අරිනවා
කවර කතාද මනයාකාර අවස්ථා දකිනවා සතිපතා

අවස්ථාවාදිම මනුසතා
උන්ගෙ ත්‍රස්ථවාදිකම් තහවුරු කළා
මනුස්ස ජාතියම ගරු කළා
ඌ සමස්ථ ජාතියම බලු කළා
සමස්ථ ජාතියම අළු කළා
ඌ සමස්ථ ජාතියම යයි අකුළලා
කර්මෙත් අදුරනවානෙ හොදට
යං දැන් පෙළට මරු කරා

සද්ධර්මෙ පවතින හරිම කාලෙත්
රට්ටු කොලේට වඳිනවා
අසන්නෙ සිහියෙන් නම් අනිමවාරෙන්
මේ බඩු මොළේට වදිනවා
මමත් මෙ බෙරිහන් දෙන තරම්
දැනෙන්නත් ලෝකෙට මදි තමා
ඒත් රටක්ම පාරට බහිනවානම්
සමත් මෙ ලෝකෙන්ම අපි තමා

written by Kevin Smokio

කලුනික | Kalunika by Smokio [2025]

හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි (ඇත්ත කර ගන්න ඕනි)
දැක්ක හීනෙන් කාටවත්ම හානියක් නොවෙන්නත් ඕනි
මිනිසාගේ විනාශයත් මිනිසාම වූ මේ අදම ලෝකේ
ජීවත් වීම නොවෙයි ගැටලුව බේරී සිටීමයි අභියෝගේ

හරි මොහොතේදී වැරදි කෙනා ගැලවේවී
නිවැරදි කෙනා රැඳේවී
හැම තැනකදී ම තිබ්බත් ඇද්ද පලක්
බැරිනම් ඉවසන්න බැරිම තැනේදී
පුදුමයක් නොවේ නියත ධර්ම තාවයයි
කරනදේට වන්දියක් ලැබේවි
උගුරට හොරෙන් බෙහෙත් බොන්න බැරි බව
පෙත්ත කටේ දියවෙද්දි දැනේවී

දර්මේ අනුව ඉපදීවී මැරේවී
කර්මේ අනුව මැරි මැරී ඉපදිවී
සුදුසුකම් නැත්තං මඟ ඇහිරේවී
සුදුසුනම් විශ්වයෙන් ඉඩදේවී
වත්මන් ලොව නිදහසත් හිරගෙකී
එක්තරා තැනකදී සිරවෙවී
රාමුව තුළ ජීවිත ප්‍රියවෙවී
සත්‍ය නොපෙනෙන්න ඇසි පියවෙවී

නුදුරේදී ඉතා නුදුරේදී
මනස වෙහෙසවන මිනිසුන් හිඟවේවී
සුළුවෙවී ඉතා පටුවේවී
චින්තනේ පරාසයන් හීන වේවි
මුඩුවේවි මිනිසා ඇතුළාන්තයෙන්
කලාවද හදවත් වලින් වියකෙවී
ඉතා සුළු දේකින් හිතා ඉන්න දේකින්
සංහතිය මිනිසාගේ නිමවේවි

විශ්වාස කරන්න එපා කාවවත්
සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
නාඩි කියලා අල්ලාවී මරු නිල

පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
කළුනික
වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
කළුනික
බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
කළුනික
මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
අළු ටික
පාර පැහැදිලියි මාත් එක්ක යන්
උඩුගං බලා පිහිනන

කාලේ ගොඩක් නාසිති කළානෙ විස ගහද්දි
දෙගුණයක් වේගෙන් ගහමුද
දැන් අපි ගහන ගේම හැමදාම
ඉර පායද්දී මායි උඹයි මහන්සි වෙලා
ආයෙත් ගමු නැති කරගත්ත හැමදේම
ඇදගෙන නාද්දි පෙරලෙද්දි බාල්දි
විශ්වාස ම එවුනුත් මාරුවෙවී කාටත් හොරෙන්ම

කවර කතාද
පරදුව තබාන්නේ මා පමණයි
තමාව තම දරුවාව ගෙන ලෝකෙට

රෝස මල් යහනාවක් පැතුවා නම්
මේ පාඩම අත්දැකීමක් ගන්නේ කොහෙද
මනාව රුවල හසුරවා
සැඩ සුළං මැද පදවයි ද නැව
ඉගන ගත්තනං පොතෙන්ම

කුඩා දරුවන් උනත් දෙයි ඉතා දාර්ශනික පිළිතුරු
ගැටලුව තමාගේ නොවේනම්
මීට වඩා ලෝකේ සාමකාමී වේ සාධාරණ වේ
අනිත් මිනිස්සු දකින්න පුලුවන්නම් ඔබෙන්ම

හිත් රවට්ටලා ලෝකෙම හසුරුවයි
විද්යුත් මාධ්‍ය මිත්‍යාවක් පතුරවයි
තිස්තුන් කෝටියක් දෙවියෝ වදින
මිනිස්සුත් බහුතරය කදුළු වගුරුවයි
හිස්වු මනස නොපිරුවොත් ඉක්මනින්
අපිත් රූකඩ වේ ප්‍රත්‍යක්ෂයි
ඉහළින් මවන දේ
අහන්නයි දකින්නයි කියන්නයි
ඉහළින් කරවන දේම කරන්න පමුණුවයි

විශ්වාස කරන්න එපා කාවවත්
සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
නාඩි කියලා අල්ලාවී මරු නිල

පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
කළුනික
වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
කළුනික
බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
කළුනික
මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
අළු ටික
පාර පැහැදිලියි මාත් එක්ක යන්
උඩුගං බලා පිහිනන

written by Kevin Smokio