කියන්න කියන්න | Kiyanna Kiyanna by Nadeeka Jayawardana

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ…
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ….

හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
දිස්වේවි මුතුවන් සිනා දෙනුවන් යුග ලග මගේ
මන්මත් සිත පුරා කලබේ වේදනා හැගුම්
නොදනී ඒ අස්සිල්ලේ කියවේ ඔබ ඔබේ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ….
කියන්න කියන්න…
ඇති සැම දේ රිසි සේ …

නිදි වරා ජීවිතේ මා ගෙතු ගීතයේ
දැවටෙයි ඔබ කි වදන් දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ ලියවෙයි ඔබ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ…
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ….

Leave a Reply