in Nadeeka Jayawardena

වසන්තයේ මල් | Wasanthaye Mal by Nadeeka Jayawardana [2020]

සිහින පුරන
සිත අද්දර
ළියන සුබ පැතුම් පොකුර
මල් පුබුදන සෙනෙහස ගැන
බැතිබර වී සෙමෙන් ගයන

මල් පෙති හා මුකුලු කරන
රහසින් පෙම් කතා කියන
තරු දැල්වෙන අලුයමක
නිල් පොළවට සුවද ඉහින
පොදින් පොදේ

වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
ගී නුඹටයි

පොදින් පොදට
පැහැ ගැන්වෙන
සුවද හැගුම් මල් පොකුර

සොයා ඇදෙන සියොතුන් කැල
පෙම්වත් වී සෙමෙන් රගන
මල්පෙති හා මුකුළු කරන
රහසින් පෙම් කතා කියන
හිත හිනැහෙන අලුයමක
මද පවනට මිහිර පොවන
තුඩින් තුඩේ

වසන්තයේ ගී නුඹටයි
වසන්තියේ ගී නුඹටයි
වසන්තයේ මල් නුඹටයි
වසන්තියේ මල් නුඹටයි
මල් නුඹටයි

වසන්තයේ

banner

Leave a Reply