මගේ කියා මේ ලෝකේ
දිනු දෙයක් නැති කාලේ
මගේ ලඟින් නැවති මේ
සුසුම් නිවා සංසාරේ
දිනා දිදි සංතෝෂේ
නිම කලා සංතාපේ
මා ගාවින්… නතර වෙලා
මගේ කියා මගේ ලෝකේ
දෙයක් නැතේ නුඹ වාගේ
මගේ සිනා මා පැතුවේ
නුඹේ සිනාවෙන් සුහදේ
මෙතෙක් දුරක් ආ ගමනේ
ගිමන් නැතේ මට දැනුනේ
මා ගාවින්… ඉන්න ඔයා
සැඩ කුණාටු මැද රළු දියඹේ
රුවල් නොබිඳී මහ සයුරේ
රළ පෙරළී මැදින් ආ ගමනේ
දිනුම ඈතක නොවේ..
හුස්මක් ගානේ දැවටි ඉන්නයි නුඹ ලඟ මා කැමතී …
මා ලඟ ඉන්නා හැම මොහොතේම ඔය හිත මා නිවමී …
දෑත අල්ලන් සදා – ඈත යං පියඹලා…
හිමි වුනත් ජීවිතේ වේදනා…
මා ගාවින් නතර වෙලා
මා ගාවින් ඉන්න ඔයා
මා ගාවින් නතර වෙලා
මා ගාවින් ඉන්න ඔයා
Leave a Reply