වයින් වෙලා | Wine Wela by Keefa [2020]

Sinhala song lyrics with music notes illustration

උඩින් හොඳ මූණ පෙන්නන් යටින් ගද්දි හතුරෝ
ඉද්දි හොඳ කියන් නැති තැන යවයි පතුරු
මං ඉක්මන් වෙන්න දිව්වේ නෑ පාරකින් අතුරු
හරියන්නේ ගලවන්න තියනවා යතුරු
සීමා නැති හීන හිරවෙයි දැන් අස්සක
වැලේ හැඩය වෙනස් වේ අනුව මැස්සක
වලාකුළු අතරින් යන්න බෑ මැස්සට
මට සමාවෙන්න කින්ඩියට කැස්සට
කටුකයි මේ දුකයි අඳුරුයි මම නයි
ගමන පයින් ශෛලෙ නම් නෑ ලොකුලයින්
මං වයින් වෙද්දි අයින් වෙන්න නැත්නම් උඹේ පයින්
දෙන්න කවි කතන්දර කරන්න රයින්
මං ඉගෙන ගන්නා පාඩමක් තැනින් වැටුනු
නැගිටලා ඩෝ ඉන්නෙ දැන් බලන්න ඔටුනු
තදින් මීටර් වරදිද්දි කව්ද හොරෙන් කැපුනු
මග නැවතුනේ නෑ ගිහින් ගලේ හැපුනු

අපි වයින් වෙලා ඉඳපන් පාරේ අයින් වෙලා
බැස්සන් පාරට ගමන අපි දාල බාටා පයින් තමා
ඉන්නේ සයින් වෙලා මූගටිත් මැරුවෙ නයෙක් තමා
ගලපන අකුරක් ගානේ ගැලවෙන්නේ ඔලු රයින් වෙලා
කොල්ලෝ වයිට් වෙලා පැද්දේ නෑ අහගෙනම ට්‍රැප්
ගැහුවා ගේම ගැහුවා ගොඩ එකෙන්ම අපි කැන්
අඳුරන් නෑ හැරෙද්දි කොළඹ අපිට
හැදෙන සෙල්ලම කෙලින් කරලා ගහලා වටෙන් ජැක්

හරි මිම්මට බැන්දා ලෙවල් මගේ ලඹේ
මට බැන්නට බැනපු ගොඩක් උන් දොඹේ
රස වැඩි වෙන්නේ තද කරන් ඉරුවම අඹේ
උඹ අං වලින් ඇන්නේ කපපු හින්දා කඹේ
මන් දන්නෝ කව්ද මට ඉරිසියා
උන්ගේ පිහිටෙන් අවසානෙට පිවිසියා
හිනාවෙන් නෑ හිත පතුලෙන් විස තියා
පිලිගන්න වදනක් දෙකක් හිස තියා
ත්‍රෛලෝක බන් රෝගේ ගානක් නෑ මන් ඕකේ
මගේ ඇනේ ඇනිලා හුලං බහීද උඹේ රෝදේ
හැම කෙනෙකුගෙම ඉගෙන ගන්න ඇති බොහො දේ
කපිතාන් කොර කරලා තල්මහා රගනවා මූදේ
මූන කැතයි මගේ හිත මාර Clear
පටන් ගත්ත විදියට ඉන්නේ තාම Real
එලකිරි කොල්ලෝ කෙල්ලෝ දෙද්දී පාර Cheer
නිවුටල් එකේ ඇව්ත් මම දාන්නේ Gear

අපි වයින් වෙලා ඉඳපන් පාරේ අයින් වෙලා
බැස්සන් පාරට ගමන අපි දාල බාටා පයින් තමා
ඉන්නේ සයින් වෙලා මූගටිත් මැරුවෙ නයෙක් තමා
ගලපන අකුරක් ගානේ ගැලවෙන්නේ ඔලු රයින් වෙලා
කොල්ලෝ වයිට් වෙලා පැද්දේ නෑ අහගෙනම ට්‍රැප්
ගැහුවා ගේම ගැහුවා ගොඩ එකෙන්ම අපි කැන්
අඳුරන් නෑ හැරෙද්දි කොළඹ අපිට
හැදෙන සෙල්ලම කෙලින් කරලා ගහලා වටෙන් ජැක්

මව්පියන් ඇරුනම හිතේ උඩින් ඉන්නේ ගුරු
ඒකයි සිංහල වචනේ මට වැඩදාන්න හුරු
පිටින් කොලු පෙනුමට ගොඩක් උන් ගෙට දුරු
වෙන්න පිටියේ ඔටුවට ගහමු වදන් බූරු
යන්නේ හුරුවෙච්ච මදුරුවෝ දුමට කොයිලේ
මේ අක්කා එලවන්න බෑ අඩෝ කෙරුවත් තොයිලේ
මං එද්දි ගිනි පත්තු කරන් කැපෙන්න ශෛලේ
කැක්කුම් හොඳ වෙන්ඩ ඕන කීවා දෙනවා තෛලේ
උපත මාස දහයයි විපත එක හුස්මකින්
දගලන්නේ කාගෙවත් නෙවේ මගේම උෂ්නෙකින්
බුදුන් පුදනු බැරිනම් පලක් වෙන්නෑ පුෂ්පෙකින්
මෙව්වා මොන වදන්ද කියලා බලයි විස්මෙකින්
පල ඇති රුකට වදින්නේ කෝමත් බලු
උදේ පිපුනට හවසට පරවෙන්නේ මලුත්
උඹ වනසන්න හදන ගේම කලා මං අලුත්
මගේ බොක්කේ ඉන්න උන්ට තමා හදවතෙන් සැලූ

අපි වයින් වෙලා ඉඳපන් පාරේ අයින් වෙලා
බැස්සන් පාරට ගමන අපි දාල බාටා පයින් තමා
ඉන්නේ සයින් වෙලා මූගටිත් මැරුවෙ නයෙක් තමා
ගලපන අකුරක් ගානේ ගැලවෙන්නේ ඔලු රයින් වෙලා
කොල්ලෝ වයිට් වෙලා පැද්දේ නෑ අහගෙනම ට්‍රැප්
ගැහුවා ගේම ගැහුවා ගොඩ එකෙන්ම අපි කැන්
අඳුරන් නෑ හැරෙද්දි කොළඹ අපිට
හැදෙන සෙල්ලම කෙලින් කරලා ගහලා වටෙන් ජැක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply