හිරු හිනහී | Hiru Hinahi by Pradeep Rangana

Sinhala song lyrics with music notes illustration

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නව යොවුනේ පැතු පෙම වීලා
නොසිතුව සේ පෙරමඟ රැඳිලා
මා මනසේ රැඳි පෙම් රුව වූවා
මා හඳ රැඳුනේ නුඹ පමනයි නේ
සිත ගත් ආදරියේ
මන පුබුදා වසඟ කලා

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නෙතු අතරේ කඳුලැලි රඳවා
කිසි දිනයේ නොයනෙමි හැරදා
මා පණ සේ රකිනෙමි නුඹ සැමදා
නුඹ හද අරණේ මිනි පහනක් සේ
හිඳිනෙමි ආදරියේ…
මන පුබුදා හිඳිමි සදා..

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply